හොල්මන් කතා / Holman Katha
Wednesday, July 11, 2018
අම්මාගේ අවතාරය
අපේ තාත්තා දුම්රිය ස්ථානාධිපතිවරයෙකි.මව ගුරුවරියකි.තාත්තා දුම්රිය ස්ථානාධිපතිවරයෙක් ලෙස සේවය කරන නිසා අපි අම්මා,මල්ලී සහ මට ඔහුට මාරුවීම් ලැබෙන ප්‍රදේශ වලට අපිට ද මාරුවීම් සාදා ගැනීමට සිදුවිය.එක් අවස්ථාවකදී තාත්තාට ඔහිය දුම්රිය ස්ථානයට මාරුවක් ලැබිණි.අපිද එහි නිල නිවාසයේ පදිංචියට ගියෙමු.නමුත් මෙවර අම්මාට මාරුවීම සාදා ගැනීම අසීරු කටයුත්තක් විය.ඇයට මාරුවීම සාදා ගැනීමට මාස 3ක කාලයක් යනු ඇතැයි තාත්තා සමග පවසනු මට ඇසිණි.
මේ වනවිට මා 4ශ්‍රේණියේ ද මල්ලී 2ශ්‍රේණියේ ද ඉගෙනුම ලබමින් සිටියහ.කෙසේ නමුදු අම්මා ද නොමැති නිසා විශාල මෙන්ම සැප පහසු නොවූ නිල නිවාසයේ නවාතැන් ගැනීමට තාත්තා කැමති නොවීය.එනිසා අපි වෙනත් ගෙයක් කුලියට ගත්තෙමු.එය අලංකාර කුඩා නිවසකි.සීතල දේශගුණයට සරිලන ලෙස සාදා තිබූ ඒ නිවස තරමක් පැරණි වුවත් අප සියලු දෙනාගේ සිත් ගත්තෙමු.අම්මා නොමැති නිසා අපිව බලා කියා ගැනීමට තංගම්මා නැමති කාන්තාවක් ගෙදර සේවයට පැමිණියාය.නමුත් ඇය අපි සමග එතරම් සුහදශීලි ලෙස කටයුතු කලේ නැත.කොටින්ම කිවහොත් ඇය අපිට කෑම සෑදීම සහ ගෙදර අස් කිරීම පමණක් සිදු කලාය.ඉන්පසු එකම රාජකාරිය ඇය රැගෙන එන නවකතා පොතක් කියවමින් සෝෆාවට වී කෝපි බීමයි.නමුත් අපිට එය එතරම් ගැටලුවක් නොවිනි.ඒ මන්ද යත් මෙම නිවසේ පිටුපස සෙල්ලම් කිරීමට අගනා තනබිමක් නිරමාණය වී තිබීමයි.මේ නිසා තාත්තා පැමිණෙන තුරු අපි එහි සෙල්ලම් කලෙමු.
ඔහිය ප්‍රදේශයට නිතරම වැසි ඇදහැලේ.මේ දිනවලට අපි පාසල් පවා නොයා සිටින්නෙමු.එදින වලට නිවසට කොටු වන අපේ එකම සෙල්ලම වන්නේ දූවිලි පිරුනු අහුමුලු පරීක්ශා කිරීමයි.අහ්...එය අපගේ එකම සෙල්ලම නොවේ...හික්..හික්..තවත් එකක් පවතී...අපි ඒ ගැන කාටවත් පවසා නැත..එනම් අවතාර සෙල්ලමයි.
ඇය කාන්තාවකි.අපි ඇයව අම්මා ලෙස ඇමතුවෙමු.මොකද ඇය අප සෙල්ලම් කරන විට පිට්ටනියට පැමිණ අපේ තනියට සිටී.එමෙන්ම එක වරක් මා ගසකට නැග එයින් වැටීමට ගොස් බේරාගත්තේද ඇයයි..ඇය අපට කතන්දර පවා කියා දෙයි.ඇය කරුණාවන්තයි.ආදරනීයයි.
මෙලෙස කාලයක් ගතවිනි.එක් දිනක උදෑසන අවදි වූ අපිට අපගේ ඇද අසල ලස්සන පොඩි වීදුරුවක් දක්නට ලැබිණි.එය පෙර රාතියේ එහි නොතිබුණු එකක් විය.මෙය ;අම්මා;(අවතාරය) විසින් අපිට රාත්‍රියේ පිපාසය සෑදුනහොත් එයින් මිදීමට තබා ගොස් ඇතැයි සිතුවෙමු.මේ වනවිට තාත්තාට මල්ලීගේ යම් යම් වෙනස්කම් දක්නට ලැබුනත් ඔහු ද මේ ගැන කිසිවක් ඔහුට නොපැවසුවේය.අම්මාට තවම මාරුව සාදා ගැනීමට අපහසූ වී ඇති බව තාත්තා මා සමග පැවසීය.
අපේ ආලිනදයේ ලස්සන පැරණි පුටුවක් විය.මෙය කෑම මේසයට අයත් වූවක් නොවූ අතර තාත්තා මෙය අයින් කිරීමට උත්සහ කලත්; අපි එයට ඉඩ නොදුන්නෙමු.මොකද මෙය ;අම්මා; ඉදගන්නා පුටුවයි.අපි නිවසේ සෙල්ලම් කරන විට ඇය මෙහි හිදගෙන තංගම්මාට නොපෙනෙන ලෙස සිටී.එකම ප්‍රශ්නය වූයේ ඇය මෙම පුටුව අප කෙතරම් බිත්තිය ආසන්නේ තැබුවත් නැවතත් එය සාලය මැද්දට ගෙනවිත් ඉද ගැනීමයි..මේ නිසා තංගම්මා අපිට හැමදාම පුටු සාලේ මැද්දේ තියනවාදැයි අසමින් බැණ වදී.
මාස 10ක් පමණ ගෙවුණු තැන අම්මාගේ මාරුව නොලැබෙන පාටක් පවතින නිසා තාත්තා අම්මා සිටින ප්‍රදේශයට මාරු වීමට තීරණය කලේය.අවසානයේ අපි නිවස හැර ගියෙමු.අපේ එකම දුක වූයේ ;අම්මාදමා යාමට සිදු වීමයි.මෙයින් වසර 5ක් පමණ ගෙවුණු පසු මාහට නැවත ඔහියට යාමට ලැබුණි.ඒ මා මේ වනවිට ඉගෙනුම ලබමින් සිටි පාසලේ විවාද කන්ඩායමේ සාමාජිකයෙක් ලෙස තරග කිරීමට ඔහිය මධ්‍ය විද්‍යාලයෙන් ලද ඇරයුමකට අනුවයි.
මා සහ තවත් 4දෙනෙක් අතුලු අපේ සංගමය භාර ගුරුවරයාද එහි ගියෙමු.දවස් 3ක් පමණ එහි නැවතී සිටීමට අපිට සිදුවිය.මේ අතරවාරයේදී මම ඒ ප්‍රදේශයේ පුස්තකාලයට ගියෙමි.ඒ විවාදයට අදාල කරුණු සොයා ගැනීමටයි.එහිදී පැරැණි පුවත්පතක ලිපියක් අහම්බෙන් මෙන් මාගේ නෙත ගැටිණි.
එහි තිබුනේ අප පෙර වාසය කල ඔහිය ප්‍රදේශයේ කුඩා නිවසය.අප වාසය කිරීමටත් අවුරුදු 10කට පෙර මෙම ලිපිය පලවූ බව දිනයෙන් මට තේරුනි.එහි එම නිවසේ කාන්තාවක් තම දරු දෙදෙනාට වස පොවා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව දුටිමි.එයින් ත්‍රාසයට පත් වූ මා හට පෙර සිද්ධි දාමය මැවි පෙනිනි.කෝප්පයත් , සාලය මැදට ගෙන එන පුටුවත් මාගේ මතකයට නැගුණි....
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
මැරුණු නැන්දනිය කා බලන්නද ආවේ?
මම ඇත්තටම හොල්මන් අවතාර විශ්වාසය කරපු කෙනෙක් නෙවෙයි . මගේ නැන්දා පිලිකාවක් හැදිලා හොදටම අමරු වෙලා හිටියේ . එයාට ලමයි හිටියෙත් නැහැ . එයා ටිකක් විතර නපුරුයි . එයාට පිලිකාවක් හැදිලා තියෙනවා කියලා අපි දැනගත්තෙ එයාගෙ ජිවිතෙ විශ්වාස කරන්න අමාරුයි කිය්ලා දොස්තරලා කිව්වට
පස්සෙ අපේ අම්මගෙ මල්ලි ගෙ නොනා තමා නැන්දා එයා ව cancer hospital එකෙන් ගෙදරට එවලා තිබුනා ඉතින් මෙ ගැන අපිට අපෙ මාමාත් හැණ්ගුවා එදා හරියටම වෙලාව 5.15 විතර ඇති ඉරිදා උදෙ පල්ලි යන්න ඔනා නිසා අපි නැගිටිනිවා .
උදෙන්ම එ දවස් වල cartoon යනවා මම බල බල හිටියෙ. අම්මා කුස්සියේ තේ හදලා මගෙ අතට ගෙනල්ලා දුන්නා එතකොටම මමයි අම්මයි දෙන්නාම දැක්කා අපෙ නැන්දා දොර ලග හිටගෙන ඉන්නවා නයිටියකුත් ඇදගෙන අම්මා කතා කළා නංගි එන්න ඇතුලට කා එක්කද අවෙ ඇයි මේ වෙලාවෙ අවේ කියලා ඇහුවා එයා අපි දිහා බලාගෙන ඉදලා අපෙ පිටිපස්සෙ පැත්තට යන්න ගියා ඉස්සර අපේ toilet එක තිබුනේ පිටිපස්සෙ ඉතින් අම්මා කිව්වා එයා toilet එකට යන්න ඇති කියලා එතකොටම විනාඩ් 2ක් වත් ගියෙ නැ මාමා කොල් කලා අම්මගෙ phone එකට නැන්දා නැතිඋනා කියලා අඩ අඩ කිව්වා. මට හින් දාඩියත් දැම්මා .
එතකොට කවුද හිටගෙන හිටියෙ ?එ නැන්දා කියලා අම්මායි මමයි දෙන්නාම දැක්කා සමහර විට එයා මැරිලා අපිව බලලා යන්න ආවද ? එක නම් තාම අපිට හිතා ගන්න බැ
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
මිය ගිය රෝගියා වෛද්‍ය නිල නිවසේ?
මේක මම මුහුනපෑ සත්‍ය සිදුවීමක් .සමහරවිට මේකට මුහුන දීපු තවත් අය ඇති.කියවලාම බලන්න.
වේලාව රාත්‍රී 10 පසු වී ඇත.මේ අගනුවර ආසන්න ආරෝග්‍යශාලාවක කාර්‍ය බහුල වාට්ටු සන්කීර්ණයකි.වැල නොකැඩී රෝහල් ගත වීම පිනිස පැමිණෙන රෝගීන්ගෙන් වාට්ටුවේ කොරිඩෝව පිරී ඇත.ආධුනික වෛද්‍යවරයකු ලෙස මා සේවය කරමින් සිටියෙමි.උදෑසන 6ට ආරම්භකල සේවා වැඩමුරය අවසන් වන්නට ඇත්තේ තවත් පැය කීපයකි.ගතට සිතට දැනුනේ දැඩි වෙහෙසකරබවකි.කෙසේ නමුත් මෙය වෛද්‍ය සේවයේ ස්බාවයය.මම රෝහල් ගතවීමට පැමිණි රෝගීන් පරීක්ශා කරමින් සිටියෙමි.
"ඩොක්ටර් ගිහාන් ,ඉක්මනට එන්න පේශන්ට් කෙනෙක් ඇරෙස්ට් වෙලා" රෝහලේ හෙදියකගේ කැදවීමකි.
මා විගස වෙද නලාවත් රැගෙන දිව ගියෙමි.
"මල්ලී CPR(පපු තෙරපුම්) පටන් ගන්න ඉක්මනට" ඒ වාට්ටුවේ සේවය කරන ජ්‍යේශ්ඨ වෛද්‍යවරියයි.
මා විගස අත් වැසුම් පැලද පපුව මත මාගේ දෑත් තබමින් පපු තෙරපුම් ලබා දීම ආරම්බ කලෙමි.
"Cardiac monitor එක දාන්න .කැනුලා එකක් දාලා ඇඩ්‍රිනලින් දෙන්න".මා අසල උන් හෙදියට පැවසුවෙමි.
මේ මා මීට පැයකටපමණ පෙර පරීක්ශා කල රෝගියෙකි.වයස අවුරුදු 80ක් වූ ඔහු දරුණු heart attack එකක් සෑදී රෝහල් ගත වූවෙකි.ඔහුගේ තත්වය කිසිසේත් සතුටු දායක මට්ටමක නොතිබුණි.
"මල්ලී ප්‍ර්ශර් ඩ්‍රොප් වෙනවා ඊනට්‍රෝප්ස් පටන් ගමු"
මේ වන විට ඔහු දැඩි ප්‍රතිකාර වලට බාජනය වෙමින් පැවතුනි.වාට්ටුව තුල ලබා දිය හැකි උපරීම ප්‍රතිකාර ලබා දෙමින් පැවතුණි.ඔහුගේ මුවින් පිටවූයේ අමුතු ගෙරවීමක් වැනි හඩකි.මේ වන විට පැය බාගයක් තිස්සේ පපු තෙරපුම් ලබා දෙමින් සිටියෙමි.කෙසේ වෙතත් ඔහුගේ හදවත නැවත් ක්‍රියාකාරී වන බවක් සන්වේදක උපකරන වලින් නොපෙන්වයි.පෙය බාගයක් පමන උත්සහයක් දෑරු පසු නැවත ක්‍රියාකාරී නොවේනම් තව දුරටත් උත්සහ කිරීම පලක් නැත.
"මල්ලී මීට වඩා මුකුත් කරන්න බෑ එයා රෙකවර් වෙන්නේ නෑ.නවත්වමු නේද" අනෙක් වෛද්‍යවරිය පවසයි.
මා ඔහු පරීක්ශා කලෙමි.ඔහු මිය ගිස් ඇත.විවර වූ දෙනෙත් මා දෙසට හැරවී ඇත.මා දෙනෙත් වසා මරනය සහතික කොට ඉවතට පැමිණියෙමි.
මේ වන විට මාගේ සේවාමුරය අවසාන වී තිබුණි.අනෙක් පිරිස වැඩ මුරය සදහා පැමිණ තිබුණි.මා සේවය අවසන් කොට නිල නිවස්නය වෙත ගමන් කලෙමි.දිය නා ඇදට වැටුනේ දැඩි වෙහෙසකර බව නිසාය.මා හැරුණු විට කිසිවකුත් නිල නිවස්නය තුල නොසිටියේය.අවට පරිසරයේ වූයේ නිහැඩියාවකි.මා හට නොදැනීම නින්ද ගොස් ඇත.කාමරයේ විදුලි පහන් දැල්වූ ලෙසම පවතී.
මා එක් වරම අවදි වූයේ පපු පෙදෙසේ ඇති වූ දැඩි තෙරපීමක් නිසාය.මාගේ දෙනෙත් විවර වී තිබුණි.කාමරයේ දැල්වූ විදුලි බුබුලු එලෙසම දැල්වී තිබෙන අයුරු හා විදුලි පන්කාව කැරකෙමින් තිබෙණු මා දුටුවෙමි.බාහිරින් ඇසෙන කිසිදු ශබ්දයක් මා හට නොඇසේ.නමුත් මීට ප්‍රතම රෝහලේදී මියගිය රෝගියා අවසන් හුස්ම හෙලන විට නැගුණු ඒ ශබ්දය ඒ ලෙසම මාගේ ඔලුවට පිටුපසින් ඇසේ.එය වඩාත් තියුණු ලෙස ඇසේ.කිසිවකු මාගේ හිස අසල සිටගෙන හුස්ම ගන්නා අයුරු මට හොදින් දැනේ.මා හට හිස ඔසවා බැලීමට ඇවැසි වුවද කිසිවකු මාගේ පපු පෙදෙස තද කරගෙන සිටී.මා හට කිසිදු අවයවයක් සෙලවිය නොහැක.ඇස් පමණ්ක් විවෘත වී තිබේ.හුස්ම ගන්නා ශබ්දය හොදින් ඇසේ.මා කීප විටක්ම අත් පය සෙලවීමට උත්සහ කලෙමි.වෑයම අසාර්ථක විය.කිසිවකු මාගේ කාමරයේ සිට ගෙන සිටිණු මා හට දැනේ.නමුත් මා හට සෙලවිය නොහැක.දෙනෙත් පමනක් සෙලවිය හැක.මා හට දැණුනේ දැඩි බියකි.මා බුදුගුන සිහි කලෙමි.මද වේලාවකට පසු මාගේ ශරීරය තද කරගෙන සිටි බලය ඉවත් වී ගැබුරු හුස්මක් සමග මා නිදහස් විය.
මා වහාම ඇදින් නැගිට කාමරය පරීකශා කලෙමි.කිසිවකුට පැමිණීමේ හැකියාවක් ණොමැත.නිවස්නයේ දැඩි ආරක්ෂක රැකවල් තුලින් කිසිවකුට පැමිණිය නොහැක.කාමරයද ඇතුලතින් අගුලු දමා ඇත.කිසිත් සොයා ගත නොහැකි බැවින් මා විදුලි බුබුලු දල්වා තිබියදීම නැවත නින්දට වැටුණි.කිසිත් සිදු නොවී පහන් විය.
මා සිදුවූයේ කුමක්දැයි සිතා ගත නොහැකිව කල්පනා කලෙමි.මෙය අමුනුශ්‍ය බලපෑමක්ද ? මිය ගිය පුද්ගලයා මාහා නිවස්නය කරා පැමිණියේද ?නැතිනම් මෙය රෝගී තත්වයක්ද?
මා සේවය කල වාට්ටුව බාර වූයේ ස්නයු රෝග පිලිබද මහාචාර්ය වරයකි.මා මේ සිදුවීම පිලිබදව ඔහු හා සාකච්ඡා කලෙමි.ඔහු පැවසූ කරුණු සරලව මා මෙහි ඉදිරිපත්කරණුයේ මෙවන් සිදුවීම් වලට මුහුණ දුන් තවත් අය සිටින්නට හැක.ඔවුන් මේවා අමුනුශ්‍ය බලපෑම් ලෙස වටහා ගන්නට ඇත.
සමාන්‍යයෙන් අපේ නින්ද ප්‍රදාන කොටස් දෙකකින් සමන්විතයි.ඉන් එක් කොටසක් REM sleep /වේගවත් අක්ශි චලන සහිත නින්ද ලෙස හදුන්වයි.මේ නින්ද තුල අපි සිහින දැකීමට යොමු විය හැක.එහිදී සිහින තුලින් අපි දකින දේවල් ඔස්සේ අපේ ශරීරයක්‍රියාත්මක වීම වැලැක්වීමට අපගේ මොලය විසින් අපගේ ශරීරයේ සියලු මාන්ශපේශී අක්‍රීය තත්වයක පවත්වා ගනී.එලෙසම මෙහිදී අපගේ
නැවත පියවි සිහියට ඒමේ/ඇහැරීමේ හැකියාව අඩුය.සන්වේදී ඉන්දීය වලින් දෙනෙත් පමනක් ක්‍රියාකාරී වෙයි.ඇස් පමනක් බාහිර ලෝකය හා සම්බන්ධ ව පවතී.අනෙක් සියලු ඉන්ද්‍රියන් අප දකින සිහින හා සම්බන්ධ ව පවති.මෙම REM sleep එක අතරමගදී බාධාවකට ලක්වුවහොත් අපගේ දෙනෙත් විවෘත විය හැක.නමුත් අප තවමත් සිහිනය තුලම සිටී.එවිට සිහිනයෙන් ඇසෙන දැනෙන දේවල් පියවී ලෝකයේ සිදුවෙනවා ඇසෙනවා දැනෙනවා ලෙස අපට වැටහෙනුඇත.මේ අතර සිදුවන සන්කීර්ණ ක්‍රියාවලි තුලින් අපට පියවි ලෝකයේ නොදකින දේවල් නොඇසෙන දේවල් දැකීමට ඇසීමට ලැබීමේ හැකියාවක් ඇත.මෙය hallucination ලෙස හදුන්වයි.මේ ඇසෙන දකින් දෑ බොහෝ විට අප මනස තුල තිබෙන බයානක සිතුවිලිය.මෙය බොහෝවිට ගුප්ත සන්කල්ප ඔස්සේ පැහැදිලි කිරීමට උත්සහා දැරීම බොහෝ විට සිදු වන දෙයක්.මෙය සම්පූර්ණයෙනම වෛද්‍ය විද්‍යාව හරහා පැහැදිලි කොට තිබෙනවා.මෙය sleep paralysis ලෙස හදුන්වයි.මෙය මිනිත්තු කීපයක් පැවතිය හැක.මෙයට මුහුණ දුන් පිරිස් පවසාඇත්තේ කිසිවකු තමාගේ පපුව මත ඉදගෙන සිටින්නා සේ දැණුනු බවත් ඇතැමුන් කිසියම් පුද්ගලයින් හෝ අස්වාභාවික රෑප කාමරය තුල සැරිසරන බව දුටු බව පවසා ඇත.මෙය කිසිදු රෝගි තත්වයක් නොවන බව මතක් කිරීමට කැමතියි.කිසිවකුගේ සාමාන්‍ය ය නිදි චර්‍යාව වෙනස් වීමෙන් හෝ අධික තෙහෙට්ටුව මානසික ආතතිය වැනි දේවල් නිසා මෙය සිදුවිය හැක.මෙය බොහෝ විට අත්විදින්නාට ඉතාම බියකරු අත්තැකීමක් බව අවසාන වශයෙන් සදහන් කරමි.
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
මහ රෑ ආ සලං සද්දේ
මම ඉස්සර පොඩි කාලෙ දෙවියො විශ්වාස කලේ නෑ..මම වැන්දේ සක් දෙවිදු සුමන සමන් දෙවියො හා සහම්පති බ්‍රහ්මරාජයට විතරයි.මගේ අප්පච්චි සුමන සමන් දේවාලෙත් වැඩ කරල තියෙනවා..මම නැති කාලෙ..ඊට පස්සෙ තමයි කතරගම මහ දේවාලෙ කපු මහත්තයෙක් වුනේ..මම එයාට හිනා වෙනවා කතරගම දෙවියන්ට හිස් 7ක් තියෙද්දි ඇගවල් 7ක් නැත්තෙ ඇයි කියලා.ගණ දෙවියන්ට හිනා වෙනවා.අපෙ අම්මා හුගාක් පින් කල කෙනෙක් .එයා හරියට දන් දුන්නා..නිතරම පන්සල් ගියා..කාටත් උදව් කරපු නිසා හැමෝගෙම ආදරය ලැබුවා..මීට කලින් ලියපු මහවෙදගේ දොං ප්‍රේමවතී කියන්නෙ ඇගේ අම්මා..ආච්චි අම්මා
නැති වුනේ අවුරුදු 32න්..ඊට පස්සෙ ආපු කුඩම්මා අම්මට හුගක් වෙනස් කම් කලා.ඒත් උත්සහයෙන් අනිත් හැමෝටම වඩා අම්මා ගොඩක් දනවත් වුනා..වෙනස්කම් කරපු හැමෝටම උදව් කලා..කුඩම්මගෙ දුවගෙ දරුවො තුන්දෙනාටම අවුරුදු ගානක් තිස්සෙ පාසල් යන්න සියලුම දේ අරන් දුන්නෙ අම්මා...
අම්මා පත්තිනී මෑනියන්ට ගොඩක් ආදරෙයි..නිතරම නවගමුවෙ යනවා..මම අම්මා එක්ක ගියාට කවදාවත් දේවාලෙ ඇතුලට යන්නෙ නෑ...දවසක් සෝම හාමුදුරුවන්ගෙන් බණ අහල ඇවිත් මම ගෙදර තිබුනු සේරොම දේව රූප අයින් කරල දැම්මා.. සූනියම් දෙවියන්ගෙ පවා..
කාලය ගෙවිල ගියා..අම්මා හදිස්සියේම ලෙඩ වෙලා නැති වුනා..හරියට ආච්චි අම්මා වගේම අඩු වයසින්.අම්මා ලෙඩ වුනු වෙලාවෙ මම දෙවියන්ට පූජා තිබ්බා..අසරන වුනාම ඒ වගේ විශ්වාස නොකරන දේ පස්සෙ හරි දුවනවා...මට මහත් කලකිරීමක් ඇති වුනා..ගොඩාක් පින් කලත් හැම සතෙකුටම කන්න බොන්න දුන්නත් අම්මා නැති වුනානෙ..පින් කලාට වැඩක් නෑනෙ මට හිතුනා...මම ගෙදර පහන නැවැත්තුවා..එදා ඉදන් කවදාවත් පහන තිබ්බෙ නෑ..
මගේ අම්මගෙ මට උරුම ඉඩම අර කුඩම්මගෙ දුව අල්ලගෙන එයාටගෙ දුවට ගෙයක් හදල දුන්නා..ඒත් මම හොයන්න ගියේ නෑ..කපටි නෑයො ටික විතරක් අතහැරල දැම්මා.. ඒත් මට නැවත ප්‍රශ්නයක් එයාලගෙන් වුනා..නිහඩ ජලය ගැඹුරුයි වගේම භයානකයි..මාත් එහෙම තමයි වෙලාවකට..මට හොදටම කේන්ති ගියා.අවුරුදු තුනකට පස්සෙ එදා තමයි මම බුදු පහන පත්තු කලේ...ඊට පස්සෙ හිත එක තැනකට අරගෙන අනේ පත්තිනී මෑනියනෙ මට වරයක් දෙන්න මුන්ට හොද පාඩමක් උගන්වන්න..කියලා හිතුව විතරයි..මගේ ඇග සීතල වෙලා ගියා..ඊට පස්සෙ මට මතක කට්ටිය මාව වටකරගෙන වතුර ඉහිනවා විතරයි..ඒ අතර කලෙදි මම පිරිත් කියලා ගෙදර හැමෝටම සෙත් කරලා සිහිය නැතුව වැටිලා....
අම්මගෙ කට හඩින් කියල..ගෙදර බුදු පහන මට හැමදාම පත්තු කරන්න කියන්න කියලා..සිල් ගන්න ..නැති බැරි අයට දන් දෙන්න කියලා...
ඔන්න කට්ටිය දැන් මම ගැන සාත්තර අහන්න ගිහිල්ලා..එතනින් වරමක් කියලා..මට දෙහි කපලා නවගමු දේවාලෙ අරන් ගියා.යන ගමන් සලං දෙකකුත් අරන් ගියේ..අම්ම නැති දුකට මලා වගේම හිටිය නිසා කට්ටිය එහෙම කරන්නෙ ඇත්තෙ..නවගමු දේවාලෙ කපු මහත්තයා අර සලං දෙක වෙනුවට මට දේවාලෙ ඇතුලෙ තිබුනු පේ වුනු සලං දෙකක් දීලා ආශිර්වාද කලා..ගෙදර එන කොට ඒ සලං දෙක එලියෙ පහන් පැලෙන් තමයි තිබ්බෙ..ඒත් මම දෙවියො ගැන භක්තියක් නෑ..දිගටම බුදුන් වදින්න ගත්තා...එදායින් පස්සෙ අම්මා හීනෙන්වත් දැක්කෙ නෑ...
යාලුවෙකුගෙ මුද්දක් නැති වුනා..සාත්තර අත්හදා බලන්නත් එක්ක ඒක හොයමු කියල හිතල මල් ටිකක් ටීපෝ එක උඩින් තියල පහනක් පත්තු කරල අර සලං දෙක අරන් මම දැන් බලන් ඉන්නවා වරම් එනකම්..11.30 වෙනකම් බැලුවා..මොකුත් වරමක් ආවෙ නෑ..ඉතින් මම හිනා වුනා..දැක්කනෙ මම කිව්වෙ මේව බොරු වැඩ වරම් කියල දෙයක් නෑ..කොටින්ම කිව්වොත් පත්තිනී මෑනියො කියල දෙවි කෙනෙකුත් නෑ.කියල දෙවියන්ටත් බැනල නිදා ගන්න ගියා..මම එදා වරයක් ඉල්ලුවෙ කේන්තියට මිසක් වුවමනාවකට නෙවෙයි...
එක පාරටම ගෙදර බල්ලා හයියෙන් බුරන සද්දෙට මාව ඇහැරුනා..ඒත් එක්කම කවුද ඌට ගැහුව වගේ කෙදිරි ගාල නිහඩ වුනා..බල්ල හිටියෙ කුස්සියෙ.ඒත් එක්කම සාලෙන් සලං සද්දෙ හෙමින්..හෙමින් පටන් අරන් මහ සද්දෙන් ඇහෙන්න ගත්තා..මම හොදටම බය වුනා..අයියව ඇහැරවලා..ඔයාට මොනවා හරි ඇහෙනවද කියලා ඇහුවා..සලං සද්දෙ නේද..අයිය ඇහුවම මම තවත් බය වුනා..ඒ සද්දෙ ටික ටික අපේ කාමරේ ඉස්සරහට ඇවිත් ටික වෙලාවක් සද්ද වුනා..කාමර වල දොර වහල තියෙන්නෙ..අනිත් දෙන්න ඇහැරුනේම නෑ..එයාල පොඩි වයසෙ හිටිය නිසා බයවෙයි ඇහුනනම්..කාමරේ ලගින් සියබලා ගහ පැත්තට ගිහින් ඒ සද්දෙ නැති වලා ගියා..අපි හොදටම බය වුනා..එලිවෙනකම් නින්ද ගියේ නෑ..නින්ද ගියොත් බය වෙනවා...
උදෙන්ම දුවල ගිහින් බැලුවා සලං දෙක...මම වීසි කරපු විදිහට ම තිබුනා..අරන් ගිහින් එලියෙන් තිබ්බා..එදා ඉදන් පත්තිනී මෑනියො විශ්වාස කරනවා...මේ කතාවෙන් පස්සෙ මම හොරණ කිරි අම්මා වුනා...පරන විදිහටම තමයි කිරි දාන කරන්නෙ..පාන්දර 2..ඉදන් 5 වෙනකම්...
මට මිනිස්සුන්ගෙ ආදරය ගොඩක් ලැබුනා...මමත් දැන් අම්මා වගේම පින් කරනවා..
ඊට පස්සෙ දවසකත් අපේ ගෙදර 2 විතර සලං සද්දෙ ඇහිල තියෙනවා උඩ ගෙදර අයට..අපි එදා නිදාගෙන තියෙන්නෙ දොරවල් සේරොම ඇරල දාල...අද වෙනතුරු ආයෙත් ඇහුනෙ නෑ
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
Tuesday, July 3, 2018
මහසෝන් බලියෙන් ආ පිල්ලිය
අපේ අප්පච්චි ගේ අප්පච්චි පට්ට මන්තර කාරයෙකි.මාතර ගුරුකම් කප්පිත්තෙකි.ඒ මදිවට බලි තොවිල් වල අපූරු මූර්ති අඹන අතහුරු සිත්තරෙකි .පොඩි ළමයින්ගේ බාලගිරි දෝෂ ය මම දෑහින් දැක ඇත.ඒ මගේ නැගනිය කුඩා කාලයේදී ය.වටපිට බලා ගැස්සී බයවී යටිගිරියෙන් කෑ ගසා හඬන ඇයව නැලවීමට මුලු ගමම මිදුලට එකතු වූවත් ඇය ඇඬීම නවත්තන්නේ නැත.අලුත් බතක් උයා ඇගේ උසට ඒ බත් වලින් අපූරු බබෙක් හදා යාතිකා මන්තර ගමක මතුරා සීයා වරුවකින් ඒ ලෙඩේ හොද කල අපූරු ව තවම මට විශ්මය ගෙන එයි.
ඒ දවස් වල ගමේ කොයි කොනකින් හෝ බෙර හඬක් නෑසෙන දවසක් නැත.දැන් වගේ ගැටිස්සියන්ට නැටිලි නටන්නට ඒ කාළේ ඉඩ නැත.ගේ මුල්ලට කර හද න නිසා නටන නැටුමක් ඉතින් තොවිල් පලක
විතරය.පිස්සියක් ආවේශ කරවද්දී තවත් තරුණ ගැහැණු දෙතුන් දෙනෙකු ආවේශ වීම අනිවාර්ය අතර ගුරුන්නාන්සේ නූලක් බැඳ ඔවුන් එක එක්කෙනාට තොවිලයට දින වෙන්කරයි.ඉතින් ගමේ හැම සතියකම තොවිලයක් වරදින්නේ නැත.
මේ තොයිල වලට ලී මැස්සක මහසෝන් බලියක් ඇඹීම සිරිතකි.ඒ වලස් මුහුන ක් සහ ලොම් පිරුණු පිරිමි සරීරය ක් සහිත අඩි හයක පමණ මූර්තියකි.වර්ණ සියල්ල ගෙදර හදාගත් ඒවාය.මේ ඇඹීම සදහා හොද හුරුවක් සහිත යකැදුරෝ අපේ පලාතේ ඕනෑතරම් සිටි අතර අපේ සීයා එහි නායකයෙකි.තුන්මංහන්දියක් සහ එහි යටින් දොලක් ගලන ලී පාලමක් සහිත මූසලපාට මංසන්ධියක් මේ බලිය තැබීමට තෝරාගත් ස්ථානයයි.එහි බලියක් නැති දිනයක් නොමැති අතර ගැහැණු ,ළමයි තබා පිරිමි පවා ඒ ඉසව්වේ තනියම යාමට බියක් දක්වති.
එකළ මම හය හෝ හත් හැවිරිදි වියේ වූ බව මගේ මතකයයි.චිත්‍ර ඇඳීමට උපන් හපන් මා මේ මහසෝන් බලියට වශී වී සිටි සමයකි.එහෙත් කිසිම දිනක මන්තර ගුරුකම් වල හුළඟ වත් වැදීමට අම්මා ඉඩනොදෙන්නේ මා තුන්කුළුදුල් සේම, ඇගේ හුරතල් දියණිය වූ නිසා අනතුරක් වේ යැයි බියට විය යුතුය.
පාසැල් ඇරී ගෙදර පැමිණි මා බත් ටිකක් කෑමෙන් පසු පේර අඹ ගස් යට ඇවිදිමින් වට පිට බලමින් ගත කළ දිවා කාලයකි එය.ඉර මුදුන් වී තිබූ අතර නංගී අතදරුවකු නිසා අම්මා ඇය සමඟ කාමරයේ විය යුතුය.මේ තමා හොඳම වෙලාව ඈතින් පේන මහසෝන් බලිය නිදහසේ නැරඹිය යුතු හොඳම වෙලාව...
අඩියට දෙකට වක්කඩවල් ඇල දොලවල් නියර දිගේ මම එතැන....අප්පේ...
අපූරු පාට....උල් දත්...ලේ පෙරෙන කට..අතගාලත් බලන්න ඕන......
" ලොක්කියේ....." තාත්තාගේ හඬින් මම දැහැනෙන් මිදුනෙමි.දුවගෙන එන තාත්තා අඩියට දෙකට මා අසලට පැන දෝතින්ම මා ඔසවා ගත්තාය .මම වඩාගත් තාත්තා පසුපස නොබලාම ගෙදරට දුවන්නට පටන්ගත්තාය.
ඒ සැනින් තේ හේනේ සිටි සීයා ගෙදර පැමිණි අතර පොල් තෙල් පීරිසියකට දමා කහකෑලි දෙකතුනක් කපා දමා තෙල් තවරා ගත් ඇඟිලි මගේ නලලේ තබමින් වරුවක් මන්තර මැතිරුවේය.ටකස් ගා ඇඟිලි අසුරු ගසමින් යකුන්ට අම්බානක බනිමින් බුදු ගුණ කියමින් නැටූ ඒ නාඩගමේ අවසානය මට අමතක මට නින්ද ගිය නිසා ය.
පසු කාළයක තාත්තා මට පැවසූ පරිදි කුඹුරේ සිට මද්දහනේ ඔහු ගෙදර එනගමන් නිකමට බලි තබන පාලම දිහා බලා ඇත.තාත්තා දැක ඇත්තේ මහසෝන් බලියට ඇඟිලි තුඩින් ඉස්සී අතදික්කරමින් සිටින මගේ පිටුපසින් කලු ලොම් වලින් වැසුණු අඩි හයක පිරිමි යෙක් සිටගෙන සිටින අයුරුයි....
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
පිරිමි මනුස්ස අත්මයක් ලැබූ ජිමි
මගෙ නම සදුන් .;මෙක සිද්ද උනෙ මම o/l කරන කලේ .
ඔන්න ඉතින් ගොඩක් ගෙවල්වල වගෙ අපේ ගෙදරත් ....ගෙදර අරක්ශාවට වගෙම හුරතලේට හිටියා ජිමි කියලා අපි පොඩිකලේ ඉදන් හදාගතු බල්ලෙක් .
ජිමි අපිත් එක්ක මාර ෆිට් .. ඉතින් මාර හුරතල් විදියට හැදුනෙ.මෙයා අපිත් එක්ක සෙල්ලම් කරන්වා .. අපේ ගෙදර තිබ්බා ස්ලැබි එකක් දපු එක කොටසක් ඉතින් එකට පඩිපෙල තිබ්බෙත් ගෙ අතුලෙන්...වහලේ කොටස අහුවෙන කොටසේ තමා මගෙ කමරේ තිබ්බේ.; ඉතින් අපි ජිමි එක්ක කරපු එක සෙල්ලමක් තිබ්බා ..හැන්ගිමුත්තූ ...අපි ජිමිව ස්ලැබි එකෙන් තියල පහලට අැවිත් හැන්ගෙනව ඉතින් ජිමි පඩිපෙලෙන් එද්දි අපිට වෙල අැති පහලට අැවිත්හැන්ගෙන්න..ඉතින් ජිමි අවිත් අපිව හොයනවා...ඉතින් ඔහොම ජිමි එක්ක කාලේ ගතඋනා ..තව ජිමි ස්ලැබි එක උඩ තියන වහලේට වෙල ඉන්නවා අපිත් එක්ක ...
අපේ ගේ පිටිපස්සෙ තිබ්බ ඉස්කේලයක පිට්ටනියක්...
ඉතින් ජිමි ගෙ පුරුදක් තිබ්බා ඔය පිට්ටනියට යන එක...
දවසක් මන් දැක්කා ජිමි පිට්ටනියෙ ඉන්නවා වෙනදා වගෙම..
.මත් අපේ අම්ම ත් අක්කාත් ඉතින් හවස් වෙලවට ස්ලැබ් එකට යන්ව ..ඉතින් මන් දක්ක ජිමි අපෙ ගෙවල් දිහවට එනව එත් එය එන්නෙ පිටිපස්සෙ කකුල් දෙක අැදගෙන වගෙ ඉස්සරහ කකුල් දෙකේන් වරු අරන් ...එක දක්කම අපේ අැස්වලට කදුලු පිරැනි අපි ඡිිමිට පවුලේ කේනේකට වගේ අාදරේ කරන නිසා අපි තුන්දේනම පහලට දුවන් ගියෙ ජිමිව ගන්න ..
අපි පහලට එනකොට ජිමි බඩගගෙන මගක් අැවිත්.
මන් එ වෙනකොට ජිමිව අරන් අපේ ගේ ඉස්තොපූවට අවා ...
ජිමි දගලනවා .. මොනද කරන්නෙ කියල අපිට හිතා ගන්න බැහැ ...
ජිමි මගෙ ඔඩොක්කුවෙ එ වෙලවෙ..මන් ජිමි කියල කත කරදි; එයා මගේ මුන දිහා බලද්දි මට තෙරුනා මන් දිහ බලුවට එයට මව පෙන්නෙ නැහ කියල; එ එක්කම ජිමිට මුත්‍රා ගියා; එය මගෙ ඔඩොක්කුවෙ දගලන ගමන් ඉද්දි ...මෙ සියලුදෙ සිද්දඋනෙ අපිට හිතා ගන්නවත් වෙලවක් ඉතිරි නොකරමින්. ජිමිට ඇස් පෙන්නෙ නැහ කියල අපි ඉස්තිරෙම්ම දනගතෙ එය ඔලුව කර කව කරකව අපිව හොයනව අපෙ කටහඩ පස්සෙ ඔලුව කරකාවනව කියල අපිට පෙනෙද්දි
...අපිට කරගන්න දෙයක් නැ ..ජිමි පන අැදාල අැදල මරුනෙ මගෙ ඔඩොක්කුවෙමයි............අපි ඔක්කොටම දුක දවසක් ..ජිමිව වැලලුවා අපේ වත්තේම..; එදා; රත්‍රිය නින්දට ගිය මන් .......
මගෙ අැදේ ඔලුව වහලේ අතට වෙන්න අත ඔලුවට තියන් ඇස් වහගෙන හිටියෙ ...
මගෙ පුරුද්දක් තිබ්බා සමහර දවස් වල ජිමිව මන් ලගින් තියන් නිදා ගන්න . එත් දැන් ජිමි නැහනේ...
ඉතිම් මන් ඔහොම මගෙ එක අතක් මගෙ ඇස් වැහේන විදිහට තියන් ඉද්දි මට තේරුනා කවුරැහරි මගෙ වම් පැත්තේන් ඉන්නවා කියලා .......එ කියන්නෙ බිතිය පැත්තට වෙන්න.....මං හිමිට මගේ අත අහකට කරලා බලද්දී මන් වගේම ඔලුවට අතතියන් ඉන්න කලු පිරිමි කේනේක් ඉන්නවා .දැක්කා....මන් හොදටම බයඋනපාර අයේ අස් වහගත්තේ තප්පරයක්වත් පරක්කු නොවි....>
මන් මොනදා කරන්නෙ කියල මටම හිතා ගන්න බැ ...
එ එක්කම මට අැහුනා දේයින් මගෙ බය දෙගුන තෙගුන උනා ....මට දන් අැහේනවා ඉස්සර වගෙ ජිමි වහලෙට වෙලා ඉන්නකොට පහුරු ගනවා වගෙ වහලේන් සද්දේ.......මන් එ එක්කම අම්මෙ .....අම්මෙ......කියල උපරිම හයියේන් කැගැහූවා ඒත් මගෙ කටෙ සද්දේ පිටවෙන්නේ නැහැ කියල මට තෙරුනා මගෙ බය වැඩි කමටම....
මට දන් හොදටම පෙනව මගෙත් එක්ක මගෙ වම්පැත්තේ කරැහරි ඉන්නවා..මෙ ඔක්කොම එකට වෙන්නෙ ...වහලෙන් එන සදේ .....මගෙ බය වැඩි කරා... මන් එහෙම්ම ඇස් තද කරන් හිටියෙ වෙන දෙයක් උනදෙන් කියල හිතගෙන......මට එහෙම්ම නින්ද ගිහින් ....උදෙ නැගිටිටගමන් අම්මට
විස්තරේ කිවම; අම්ම කිවා එහෙන්ම් ජිමි මන් ලගට එන්න ඇති කියල රෑ පිරිමි මනුස්ස අත්මයක් ලබන්න ඇති කියලා...පස්සේ මගෙ බය අඩු උනා පස්සේ අපිට දැන ගන්න ලැබුනා ජිමි මැරුනෙ පොලගෙක් දස්ට කරල කියලා ..බල්ලන්ට එහෙම කකුල් පනනැති වෙන්නෙ සර්ප විසට කියල; අපි දන්න කෙනෙක් කිවා ....මන් හිතුවෙ මන් ගොඩක් අාදරෙන් හදපු නිස ..ජිමි මන් ලගට අවිත් යන්න ඇති එයගෙ අත්මෙ නිදස් වෙන්න කලින්
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
ශාපලත් යක්ෂයාගේ මහල
O/L විභාගයෙන් පසු ලැබුණු නිවාඩු කාලය තුළ.මට සිතුනා කුමක් හෝ රැකියාවක් යෙදිලා යම් කිසි මුදලක් හොයාගන්න.ඒ හේතුවෙන් මම ගෙවල් ළඟ ඇති ඇගලුම් කර්මාන්තයක සේවයට ගියෙමි.embrotex නමින් හඳුන්වන එම කර්මාන්ත ශාලාවේ ඉඩම මුල් අවධියේ අපට අයිති ඉඩමකි.එම හේතුවෙන් එම කර්මාන්ත ශාලා හිමියන් ඇතුළු සියල්ල ම රැකියාවට යාමට පෙර සිටම දැන හඳුනගෙන සිටිමි.එම හේතුවෙන් එම අගලුම් කර්මාන්ත ශාලාව තුළ මට සේවය කිරීම ඉතාමත් පහසු විය.නමුත් මෙම සේවා ආයතනය තුළ.එක් සතියක
උදේ හතේ සිට රාත්‍රිය 7 තෙක්.අනිත් සතියේ රාත්‍රි 7 සිට උදෑසන 7 තෙක් සේවය කළ යුතු වේ.ටික කාලයක් සාමාන්‍ය පරිදි කාලය ගත විය.එම කාලය තුළ මට දැන ගැනීමට හැකි වූ දෙයක් නම් මෙම කර්මාන්ත ශාලාවේ දෙවැනි මහලේ තුළ අවතාරයක් ඇති බවත්ය.එමෙන්ම යම් යම් අවස්ථාවල දී යම් පුද්ගලයන් මෙම අවතාර දැක ඇති බව ය. නමුත් ඒ දේවල් අසන විට මට සිනහ පහළ විය.අපේ සීයා කිව්ව කතාව මට සිහි විය.හොල්මන් යනු සෙලවෙන සිතය.මම ඔවුන්ට ද පැවසුවෙමි.මට හරියටම මතකයි එදා සෙනසුරාදා දවසක්.වැහි කාලගුණ තත්ත්වයක් තිබූ හේතුවෙන් එදා සේවයට පැමිණියේය ස්වල්ප දෙනෙකි.රාත්‍රී ආහාරයෙන් පසු නැවතත් රාත්‍රී දොළහට විවේක කාලයක් ලබා දෙයි.එම කාලය තුළ අපි බිස්කට් කා තේ බි කාලය ගත කරයි.අපි ආහාර ගන්නා කාමරේ දෙවැනි මහලේ පිහිටා තිබිණි.එදා දවසට පෙර දවසේ සේම බිස්කට් කා තේ බී.නැවත පහත මහලේ සේවා ස්ථානයට පැමිණියෙමි.ටික වෙලාවක් යද්දි මට පිපාසයක් ඇති විය.මා සෑම තැනම වතුර බෝතලේ සෙව්වෙමි.එවිට මගේ යාළුවෙක් කිව්වා වතුර බෝතලේ ඇත්තේ දෙවැනි මහලේ බවත් එය රැගෙන ඒමට අමතක වූ බවත් ය.මා සියල්ලන්ටම එය රැගෙන ඒමට කිව් නමුත් ඔහු සියල්ල ම එය ප්‍රතික්ෂේප කළේය.ඒ තනියම යාමට ඇති බිය නිසා වෙනි.මං ඒ සියල්ලට බැණ වැද.මන් වතුර බෝතලේ ගෙන ඒමට ගියෙමි.උඩමාලයට ගිය පසු විදුලි පහන් එකිනෙකට දමා අවශ්‍ය කරන කාමරයට පැමිණියේ ය.මේස මත ඇති වතුර බෝතලය අතට ගද්දි යම්කිසි ගැහැණු කටහඬක් මට ඇසුනි.එවිට නම් යම්කිසි චකිතයක් මගේ සිතේ ඇති විය.මොකද රාත්‍රී සේවයේ දී කාන්තාවන්ට වැඩ කිරීම තහනම්.ටික මොහොතක් ගතවෙද්දී සද්දේ අඩාල වූ බැවින් මා සිතට
ධෛර්යය රැගෙන ඉදිරියට ගමන් කළෙමි.ටික දුරක් එසේ ගමන් කරද්දී මා පිටුපසින් කවුරුන් හෝ පැමිණෙන බව මට හැඟිණි.මා ගමන නවතා පිටුපස හැරී බැලූ නමුත් කිසිවකු නොමැත.මා නැවත ගමන ආරම්භ කරද්දි නැවතත් මා පිටුපසින් කවුරුන්දෝ ගමන් කරන්නා බව මට හොඳටම දැනෙයි.මා නැවත නැවතී.පිටුපස බලද්දි මට දෙවියන් සිහිවිය.මදිති
ඇට මෙන් රතු සහ ගිනි බෝල මෙන් විශාල දෙනෙත් යුතු.කොන්ඩෙ නොපිරූ,කොණ්ඩය අවුල් සහගත වූ කලුම කලු භයානක යුවතියක් දුටු වෙමි.මා කොච්චර බියට පත් වුණා ද කිවහොත්.මට කෑ ගැසීමට පවා නොහැකි විය.මා මුඛයෙන් වචන පිට නොවී ය.දිවීමට කියා ඇවිදීමට වත් නොහැකි විය.මගේ කකුල් දෙක පන නැති විය.දෙවැනි මහලේ සිට පාලවෙනි මහල දක්වා ඇවිදීමට ඇති පඩි පෙල දිගේ බිමට ඇද වැටිණි.බිමට ඇද වැටුණු පසු නැවතත් මා නැගිට සේවා කාමරයට දිව ගියෙමි.නමුත් මා යාලුවන්ට එය පවසන්නේ කෙසේද .එය මට ලැජ්ජා සහගත දෙයකි.මා කිසිවෙකුටත් එය පැවසුවේ නැත.නමුත් ඒ වන විට මා දහඩියෙන් නෑවී හමාරය.මාව වෙව්ලයි එය මටද දැනේ.මා දුටු මාගේ මිත්‍රයකු මා සමීපයට පැමිණ මා හොලවද්දි තමා මම පියවි සිහියට පැමිණියේ.මා දුටු සියල්ල සිදු වූ දේ සියල්ල තේරුම් අරගෙන තිබුණි.ඔවුන්ට එය පුරුදු
ජවනිකාවකි.මොකද මෙවැනි සිදුවීම් සියල්ල ඇසින් දුටු ඒ නිසාවෙනි.ඔවුන් මාගේ නිවසට දුරකථන ඇමතුමක් දී සිදු වූ දේ පවසා මා නිවසට රැගෙන ගියේය.ඉනෙන් පහළ කොටස පණ නැති විය.ඇවිදීමට නොහැකි විය.ගෙදර ගිය පසු ඊළඟ දවසේ අපේ ගෙවල් ළඟ ඇති දේවාලයකට මා රැගෙන ගියේ ය.කපු මහත්තයට සියල්ල පවසා මට දෙහි කපා නුලක් අතේ ගැට ගැසූවත් මට කිසි සුවයක් නොමැති විය.මට තවමත් ඇවිදීමට නොහැකි විය.මුලු ඇඟම ගැහෙයි.පසුව තේවත්ත පල්ලියේ පියතුමකු ළඟට ගෙන ගිය මාගේ මෑනියන් පියතුමාට සියල්ල පවසන ලදි.පසුව පියතුමාගේ මෙසේ උඩ තිබූ විශාල කුරුසයක් රැගෙන මගේ හිස මත තබා යාච්ඤා කිරීම ආරම්භ කළේ.
විනාඩි කිහිපයක් තුළ මා සිහිසුන්ව බිමට ඇද වැටිණි.මා පියව් සිහියට පැමිණි විට මා තුළ තිබූ ඒ බියජනක හැඟීම් සියල්ල මගහැර ගොස් තිබුණි.සියල්ලන්ම පුදුම කරමින් මා හට ඇවිදීමට හැකි විය.පල්ලියේ පියතුමන් ආශිර්වාද කළ දී ජේසු මාලයක් මා ගෙලේ පළඳා.අශිර්වාද කර.නැවත කිසිම දේකට බය නොවෙන්න කියා පවසා.යන්න කීවේය.අපි පියතුමාගෙන් සමුගෙන ගෙදර ආවේ ඉමහත් සිත් සතුටෙනි.මා නැවත එම කර්මාන්ත ශාලාවට ගියේ නැත.මා මුහුන දුන් මෙම අද්දැකීම මට කිසිදා අමතක කරන්නද..?????
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
තාප්පෙට යට වුනු චතු කතා කලේ කා එක්කද ?
මගේ හොඳම යාළුවෙක් හිටියා චතු කියලා එයා ගොඩාක් ලස්සන කෙල්ලෙක් මෙි සිද්ධිය වෙනකොට අපිට වයස අ.වු 9 විතර ඇති. එචිචර ලොකු තේරැමක් නැති වයසක් වුනත් එදා එ වෙිචිච දේ අදටත් මගේ හිතට වද දෙනවා. එකයි මෙි කතාව ලියන්න හිතුවෙ...
අපි දෙන්නා ඉස්කොලේ යන්නේ එන්නේ එකට සෙල්ලම් කරන්නේත් එකට. එදා එ කාලකන්නි දවසේත්. ඉස්කොලේ ගිහින් ඇවිත් එයා මට සෙල්ලම් කරන්න කතා කලා.. මම යන්න ගෙදරින් එලියට බහින්න හදනකොටම කකුලේ මොකක්දෝ වැදිලා ඇදගෙන වැටිලා තුවාල වුණා.. එත් එතන කකුල වදින්න තරම් කිසිම දේයක් තිබූණේ නැ.. කියලා මට හොදටම මතකයි..තුවාල වුණ නිසා මම එදා සෙල්ලම් කරන්න ගියේ නැ.. එත් චතු එයාගෙ අක්කායි අයියයි එක්ක සෙල්ලම් කරන්න ගිහින්. (එ දෙන්නත් චතුට වඩා අ.වු 1 වැඩිමල්) එයාලගේ වත්ත මායිමේ තියනවා බිලොක් ගල් පේලි 3 විතර අලුතින් බැදපු බිත්තියක් වැස්ස නිසා එක වෙිලිලා තිබුණේ නැ. තාප්පේ තියන්නේ ගෙට ටිකක් ඇතින් නිසා ටිකක් කැලේ වැවිලා තිබුණේ .. එයයි, අක්කයි ,අයියයි එ බිත්තිය උඩ නැගලා සෙල්ලම් කරන්න .. එක දැක්කම එයාගෙ අම්මා තුන් දෙනාම ඇදගෙන ගිහින් ගෙට දාලා එත් මෙයාලා සෙල්ලම් කරන්න අර තාප්පේ ළගටම යනවාලු. එක නිසා අම්මා තුන්දෙනාටම ගහලා කාමරේට දාලා දොර ලොක් කරලා කුස්සියට ගිහින් තියනවා එත් අම්මා ගියපු ගමන් ලොක් කරපු දොර ඇරිලා දොර ඇරුණු නිසා තුන් දෙනාම අයිත් අර තාප්පේ ළගට ගිහින් එක උඩ නැගලා.. එයාගෙ අයියට වතුර බොන්න ඔිනේ වෙලා එයා තාප්පේන් බැස්සම අක්කත් බැහැලා එයා එක්කම.. චතු විතරක් තනියම තාප්පේ උඩ ඉදලා තියනවා ටික වෙලාවකින් අම්මා ඇවිත් බැලුවාලු මෙයාලාගේ සද්දයක් නැති නිසා.. එතකොට අයියයි,අක්කයි ටිවි බලනවාලු එත් වතු ඉදලා නෑ අම්මා එලියට ඇවිත් බලද්දී වත්ත මායිමේ තියන තාප්පේ උඩ ඉදන් කා එක්කද කතා කරනවාලු එතන කවුරුත් ඉදලා නෑ.. වතු ඉදලා තියෙන්නේ ගේ පැත්ත බලාගෙන.
එතන කෙනෙක් හිටියනමි චතුගේ අම්මාට එයාව පේනවා අම්මා චතුට කතා කරලා අහලා මොනාද කරන්නේ කියලා... අම්මා ගහයි කියලා බයට චතු තාප්පේන් බිමට පැනලා එත් එක්කම තාප්පේ කඩාගෙන එයාගෙ ඇගට ඇවිත් එයා දුවන්න හදලා එත් තාප්පේ ඉස්සරහ තියන කෙසෙල් ගස් දෙක ළඟට අඩිය තියද්දීම දුවන්න හදපු චතුව තාප්පේ පැත්තට හයියෙන් තල්ලු වෙනවා වගේ එයාගෙ අම්මා දැක්කලු.. අම්මා එතනට දුවලා එත් වැඩක් උණේ නෑ එයා තාප්පටෙ යට වෙලා... හැමොම කෑ ගහද්දි මාත් ගියා බලන්න එතකොට එයාව වාහනේකට දාගෙන බලන්න බය හිතුණා එ මුණ එයා යට වෙලා තිබුණේ උඩ බෙලි අතට නිසා ඇස් එහෙම එලියට ඇවිත්. යන්තමට පණ තිබුණා.. මං චතු කියලා කතා කලා.. හැමොම අඩනවා... එ සද්දේ මැද්දේන් චතු මට කිව්වා (එයා මාව තාල්ලු කලා හලෝ) කියලා.... චතු සනිප වෙලා එනකල් මං බලන් හිටියා එහෙම කලේ කවුද අහන්න එත් චතු ගෙදර අාවට කා එක්කවත් කතා කලේ නෑ.. මොකද එ වෙද්දී චතු අපිව දලා ගොඩාක් දුර යන්න ගිහින් තිබුණා ...
(මගේ කකුල වැදුණේ මොකක්ද?.., එයාගෙ අම්මා ලොක් කරපු දොර ඇරුණේ කොහොමද?.. , චතු කතා කලේ කා එක්කද ?... පෙරලේන තාප්පේ පැත්තට චතු තල්ලු කලේ කවුද ?...) කියලා අදටත් අපිට හිතාගන්න බැ
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
එල්ලිලා මැරුණු බාප්පා යලි එයි
මෙක සිරාම කතාවක්.මේක වෙනකොට මන් 8 වසරේ හිටියේ.2010 වසරෙදි මට දුරින් නෑයෙක් වෙන බාප්පා කෙනෙක් එල්ලිලා මැරනා..හේතුව තාමත් අබිරහසක්.මු මැරිල තියෙන්නෙ පන්දර 2ට විතර.මල ගෙදර වැඩ හොදට කෙරැනට ඒ ගෙදර හිටිය අයට එක දෙයක් අමතක උනා..සාමන්‍යයේ මල ගෙයක් උන ගෙදරක දවස් 7ක් යනකන් දොරවල් ජනෙල් වහන්න හොද නෑ කියල කතාවක් තියනවා.මොකද මැරැන කෙනාගේ අත්මය
ගේ අවට සැරිසරන නිසා.මේ අයට ඒ සින් එක අමතක වෙලා ජනෙල් දොරවල් වහල නිදා ගෙන..එ උනාට ගමේ කොල්ලො ගියේ නැ.අපි කැරම් ගගහ හිටියා.දන්නවානේ මල ගෙයක් උනාම හැමදාම එහෙම chance එන් නැනේ.
රැ 8.30ට විතර ඒ ගෙවල් ලග cupule එකක් වැඩ ඇරිලා ගෙදර ඇවිත් තියනවා රැට කන්න බිත්තර රොටි වගයකුත්😋 අරන්.මුන් දෙන්නා එනකොට මුන්ට කව්දෝ කතා කරන කට හඩක් ඇහිල.ඒ කොල්ලා හැරිල බලලා කව්රැත් නැති නිසා ඉස්සරහ බලන් ඇවිත්.ගෙදර ඇවිත් කලා එහෙම 10.30ට විතර මු පිස්සුවෙන් වගේ දෙඩවලා..මු ඒ ගෙදර ඉදන් අර මල ගෙදර උන ගේ ගාවට ඇවිත් දොරට ටඩි බැවා කියපන්කො😂 අපි බලන් ඉන්නවා මේ යකාට පිස්සුද කියලා..මු එක පාරටම ඒ ගෙදර පොඩි දුවට පුතේ තාත්තා අවා දොර අරින්න කිව්ව.අපේ මුනවල් පුක් උනා.ඇයි යකෝ හවස කනත්තට ගිහින් දාපු එකා අයේ ඇවිත්නේ👻🔫
ගෙදර උන් දොර ඇරියේම නෑ.මේකා මොනා කරයිද කියල කව්ද දන්නේ...මු බැරිම තැන පිටි පස්සහ දොරෙන් යන්න ගියා..අපිත් පස්සෙන් ගියා මොකද වෙන්නේ කියල බලන්න😁 මුන් පස්සහ දොර බගෙට වහල නිදාගෙන තියෙන්නේ.අරැ පිහියක් අරන් ගියා කියපන්කො 'මන් අද තොව මරනවා කියාගෙන.ඉට පස්සේ කොල්ලො ටික එකතු වෙලා ඌව අල්ලගෙන පුටුවකට තියල ගැට ගැහුවා.මු කියවනවා ඉවරයක් නෑ.පස්සෙ හමුදුරැවො ඇවිත් මුගෙ ඉස්සරහ පිරිත් කිව්වට පස්සේ තමා අරැට සිහිය අවේ..දොරවල් වහපු නිසාලු එහෙම උනේ.දැන් නම් අව්ලක් නැ..
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
ඌරූ මස් කිල්ලට ආ මහාසෝනා
මන් ඉන්නෙ ශ්‍රීපාදය කිට්ටුව. ටිකක් අද්භූත බැලපෑම් වලින් සපිරුනු ගමක් තමයි අපේ ගම...ඔන්න දවසක් අපි ශ්‍රීපාදේ යන්න කියලා හිතාගෙන සෙට් එකම ලක ලැස්තිවෙලා...ගමන යන්න පිටත් උනා අපි ගමන පිටත් වෙද්දිත් ඉර අවරට ගිහින් මුලු පළාතම අදුරෙන් වෙලාගෙන...කොහොම හරි ගෙදරින් පිටත් වෙද්දි රෑ 8.00 විතර ඇති ඔන්න දැන් සෙට් එකම යන්න පිටත් උනා අපේ සෙට් එකේ හිටියා පස් දෙනෙක්..
ඔන්න ඉතින් පාරට බැහැලා බලාගෙන හිටියා..බස් එකත් නෑ..කමක් නෑ පයින් යමු කියලා කට්ටිය කිව්වා..මන් නම් ටිකක් බයයි...පයින් යන්න තියෙන්නෙ ලොකු පයිනස් වානාන්තරයක් මැද්දෙන් හැටන් පාරේන් එන අයට එක බලාගන්න පුලුවන්...දැන් සෙට් එකම අර ෆයිනස් කැලේට කිට්ටු උනා මගේ හිතත් ගැස්සිලා හොදටම..අපේ කොල්ලෙක් සිගරට් එකක් පත්තුකර ගත්තා උන්නම් මොන යකාටවත් බය නෑ ...
ඔන්න ටික දුරක් එද්දි කැලේ ඇතුලෙන් අමුතු සද්දයක් එනවා..මට හොදටම තෙරෙනවා..
"උබලාට ඇහුනාද ඒ සද්දේ" "ඔව් බන් ඇහෙනවා ඉතින් බය වෙන්නෙ මොකටද මේක සමන් දෙවියන්ගේ අඩවිය බය නැතිව වරෙන්" කසුන් එසේ පැවසීය...දැන්නම් ඒ සද්දේ නෑ...
වැඩිදුර යන්න හම්බ උනේ නෑ උසම උස මහත කවුරු හරි පාර මාර වුනා කියලා ශූවර් දැන්නම් අරුන්ගේ හිතත් ගැස්සිලා ...කමක් නෑ කියලා හිතගෙන අඩියක් තිබ්බා විතරයි මෙන්න ඇස් ඉදිරිපිට උසම උස ඌරෙක් ...නිකන් පපුව පලාගෙන ගියා වගේ ...ඒ මදිවට තව ටිකක් ඉස්සරහින් මෝහීණි ඇල්ල...ඉතිපිසෝ ගාථාව කිය කිය ඉස්සරහට ආවා දැන් අර ඇල්ල ගව මට නම් යන්න හිතෙන්නෙම නෑ..
ඔන්න ඉතින් දැන් හරියටම ඇල්ල ගාව ඔතනින් පිරිමි අයට රෑ වෙලා යන්න එපා කියලයි තියෙන්නෙ...වෙලාව බලද්දි දන්නෙම නැතිව 11.30 විතර වෙලා..නිකමට වගේ ඇල්ල උඩ බැලුවා සුදු ඇදුමි සැරසුන ගැහැණු කෙනෙක් අපි දිහා බලාගෙන ඉන්නවා ...මගේ කකුල් දෙකත් එක්ක ගැහෙනවා..මෙන්න එකපාරටම අර ගැහැණු කෙනා ඇල්ලෙන් බිමට පැන්නා..අපි සෙට් එක එතනමයි සිහිය එද්දි හිටියේ කට්ටඩි මාමාලාගේ ගෙදර
මාමා කිව්ව විදිහට අපේ එකෙක් ඌරූ මස් කලා පේ වෙන්නෙ නැතිව ඇවිත් තියෙන්නෙ ලොකුම ලොකු පිනක් නිසායි බෙරිලා තියෙන්නෙ...අර ඌරෙක් විදිහට ඇවිත් තියෙන්නෙ මහාසෝනා ...අර ගැහැණු කෙනා මෝහීණි ශ්‍රීපාදේ යද්දි පේ වෙලා යන්න ඔනේ...නැත්තම් මේ ටික තමා..අපේ ගමනට බාධා කරන්නයි ඇවිත් තියෙන්නෙ..එතනිනුත් ගිහින් තිබුනානම් අපේ එකෙක් ඉවරයි කියලත් කිව්වා...
Sunday, June 17, 2018
ප‍්‍රසව වේදනාවෙන් මියගිය සොපිනෝනා සැමියාගේ පරපුරම වනසයි
සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත හොරණට ආසන්නයේ පිහිටි වලව්වක තරුණයකු සමග දීගයන්නට ඇයට සිදුවූයේ ඇයගේ දැඩි අකැමැත්ත මතය. ඒ අදින් වසර හැටඅටකට පමණ පෙරදීය. මඟුල් කපුවා මනමාලයා ගැන කියූ සියලූ යහගුණ බොරු බව ඇය තේරුම් ගත්තේ විවාහ වී දින කිහිපයක් ගතවෙද්දීය. බේබදුකමත්, සල්ලාලකමත් මුළු ජීවිතයම කරගත් මිනිසකුට අයත්, අභාවයට යන ඉපැරැුණි වලව්වක් තුළ මුළු දිවියම ගෙවා දමන්නට ඇයට සිදුවූයේ අවාසනාවන්ත ආකාරයටය.
ඇය තුළ පැවති වලව් මාන්නය හේතුවෙන් විවාහය බිඳදමාගෙන යළි ගෙදර යන්නටද කැමැත්තක් ඇය තුළ නැත. දවසපුරා අධික ලෙස මත්වතුර පානය කරන සැමියාගෙන් ඇයට දවස පුරාම හිමිවූයේ, අනේකවිධ වධහිංසා පමණි. අලූත විවාහ වූ යුවළක් තුළ ඇති ආදරය, සෙනෙහස ඇයට විඳින්නට හැකිවූයේ නැත. ඒ වෙනුවට අසභ්‍ය ආකාරයේ බැණ වැදීම්, පහරකෑම් හා හිත්වේදනාවන් ඇයට නොඅඩුව ලැබුණි.
ඔහුට සොපිනෝනා අවශ්‍ය වූයේ සිය කායික අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණි. ඔහු තමා ළඟට පැමිණෙනවාටවත් ඇය කැමැත්තක් නොදැක්වූවාය. විවාහ වූ මුල් කාලයේ ඇය බියට පත්කර තම අවශ්‍යතා ඉටුකර ගත් සැමියා කල්ගත වෙද්දී බලහත්කාරයෙන්ම ඇය හා යහන්ගත වන්නට පුරුදු විය. සොපිනෝනාට මෙය මහත් පීඩාවක් වූ අතර මත්වතුර පානය කොට වෙරිමතින් සිහියක් කටක් නොමැති මිනිසකු හා යහන්ගත වීම ඇයට දැඩි පිළිකුල් සහගත අත්දැකීමක් විය. ඒ සියල්ලටම වඩා මත්වතුරින් විකෘති වූ මනසකින් හෙබි, කිසිදු ආදර හැඟීමක් නොමැති මිනිසකුගේ පීඩාකාරී හැසිරීම් රටාව දරාගැනීමට තරම් හැකියාවක් ඇයට තිබුණේ නැත.සොපිනෝනා ගැබ්ගන්නේ මේ කාලයේදීය. ඒ ඇයගේ බේබදු සැමියාගෙන්මය. එවන් පරිසරයක් තුළ වුවද ඔහුගේ බේබදුකම හෝ සොපිනෝනා විඳි පීඩාවන් කිසිදු අයුරකින් අඩුවූයේ නැත. දරුවා කුස තුළ දරාගෙන වුවත් ඔහුගේ පීඩාකාරී ශරීර අවශ්‍යතා ඉටුකරදීමට ඇයට සිදුවිය. අවසානයේ ඇය දැඩි තීරණයක් ගනිමින් ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය කාමරයට වී දොරගුළු දමා ගැනීමට ඇය හුරුවූවාය. මුල් දින කිහිපයේ ඇයගේ කාමරයේ දොරට ගසමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු ඇයගේ සැමියා ඊළඟට කළේ කිසිදු ලෙසකින් හෝ ඇය නොසිතූ දෙයකි. ඇය කාමරයේ සිටියදීම නිවසේ මෙහෙකාර තරුණියට ඔහු අතවර කළේ හිත්පිත් නොමැත්තකු විලසිනි. එදින සිදුවීමෙන් පසු ඔහු ඇය ගැන සොයමින් ඈ සමග ලිංගික සබඳතා නොපැවැත්වීය. සොපිනෝනාගේ ඇස් ඉදිරිපිට ඔහු දිගින් දිගටම මෙහෙකාර තරුණියට බලහත්කාරකම් කරමින් සිය කායික අවශ්‍යතා ඉටු කරගත්තේය.
මේ සියලූ සිදුවීම් මැද තම කුසට ආ දරුවා කෙරෙහිද සොපිනෝනා තුළ වූයේ දැඩි වෛරයකි. යහපත් විවාහ සබඳතාවක් හරහා උපන් දරුවකුට වඩා එම දරුවා තමාට සිදු වූ බලහත්කාරකමකින් උපන් දරුවකු යැයි යන හැඟීම ඇය තුළ විය. ඒ හේතුවෙන් තම දරුවාට දැඩි ලෙස වෛර කළ සොපිනෝනා ඉන් නොනැවතී එම වලව් පරපුරේ සියල්ලන්ටම දැඩි ලෙස වෛර කළාය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියෙන් ඇයගේ දරු ප‍්‍රසූතිය සිදුවීමට නියමිත කාලයද පැමිණියේය. ඇයට විළිරුදාව සෑදෙන මොහොතේද කිසිදු වගකීමකින් තොරව ඇයගේ සැමියා අධික බීමතින් පසුවිය.
ඉනුත් නොනැවතී වින්නඹු මාතාව නිවසට පැමිණෙන විටද ඇය කාත් කවුරුන් හෝ නොමැතිව දරුවා බිහිකර අවසන්ය. ඇයගේ පැමිණීම ඒ ප‍්‍රමාද බව හඟවමින් ඒ වනවිටත් සොපිනෝනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අතර, කොතෙකුත් ප‍්‍රතිකාර කළද සොපිනෝනා දරුවා ඉපදී සුළු මොහොතකින් මෙලොව හැරදමා ගියාය. සොපිනෝනාගේ මව දරුවා රැුගෙන ගියේ මෙතෙක් සිය දියණිය විඳි දුක් කරදර සියල්ල ඔවුන්ට මළගෙදරදී දැනගැනීමට ලැබීමත් සමගය.
සොපිනෝනා මියගොස් ගෙවීගියේ තුන්මසකි. ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරිය වූ ශ‍්‍රියාලතා පදිංචිව සිටියේ අළුත්ග මට ආසන්නයේ වූ අතර ඇය දරුවකු ලැබීමට ආසන්න කාලයේ පසුවූවාය. එක් දිනක් හවස හයට පමණ ඔවුන්ගේ නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. නිවසේ කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැත. ඇය ‘කවුද’ යැයි හඬ නගමින් ඇසුවද කිසිවකු උත්තර දුන්නේද නැත. මඳ වේලාවක් නිහඬව සිටිමින් නිවසේ දොර විවර කළ ඇය දුටුවේ කිසිලෙසකවත් බලාපොරොත්තු නොවූ දෙයකි. දොරට තරමක් ඉදිරියෙන් සුදු ඇඳුමකින් සැරසී කොණ්ඩය අවුල් වී ගිය ගැහැනියක් සිටගෙන සිටියාය. දොර විවර කළ සැණින් දුටු මේ දසුනින් ශ‍්‍රියාලතා දැඩි ලෙස බියපත් වූවාය. ඇයට ඉබේටම මෙන් කෑගැසුණි. පැමිණ සිටි අමුත්තියගේ මුහුණ දුටුවිට ඇය තව තවත් බියට පත් වූවාය. ඒ අන් කිසිවකු නොව මියගිය සොපිනෝනාය. මළගිය ආත්මය තමා දෙසට අත් දිගු කළ බව මතකය. එසැණින් ඇය සිහිසුන්ව ඇද වැටුණාය.
අසල්වැසියන් ඇය රෝහල්ගත කර තිබූ අතර ඇයට ඇතිවූ අධික කම්පනය හේතුවෙන් ඇයට දරුගැබ පවා අහිමි විය. ඇයගේ ජීවිතය බේරුණේද දැඩි අවදානම් සහගත තත්ත්වයක් මැද්දේ සති කිහිපයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය.
ඒ ආකාරයට සොපිනෝනා සිය සැමියාගේ සහෝදරියගෙන් ඇරැුඹූ පලිගැනීම අද දක්වාම ක‍්‍රියාත්මක වෙමින් පවතී. එම පවුලේ එවකට සිටි දරුවන්ට පසු අලූතින් කිසිදු දරුවකුට මෙලොව එළිය දැකීමට සොපිනෝනාගේ ආත්මය ඉඩ දුන්නේ නැත. ඒ සියලූ දරුවන් කුස තුළදීම විනාශ කර දමන්නට තරම් ඇය වෛරයෙන් කටයුතු කළාය.
සොපිනෝනා මියයනවිට ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරයාට වයස අවුරුදු පහක් පමණ පිරිමි දරුවකු විය. සොපිනෝනාගේ මරණයත් සමග දිගින් දිගටම හොරණ සිදු වූ සිදුවීම් හේතුවෙන් ඔහුගේ සිය පවුලම කොළඹ පදිංචියට පැමිණියේ තම දරුවා හෝ මේ අනතුරුවලින් බේරාගැනීමේ ප‍්‍රධාන අරමුණද සහිතවය. කාලය කෙමෙන් ගෙවී ගියේය. සොපිනෝනා මියගිය වලව්වේ එකල සිටි සැමියා, සේවිකාව මෙන්ම සැමියාගේ මවද අකාලයේ මියගියේය. වලව්ව ගරා වැටෙමින් වල් වැදී ගිය අතර, එය භූත බංගලාවක් යැයි ගමපුරා රාවයක් පැතිර ගියේ රාත‍්‍රී කාලයේ වේදනාවෙන් කෑ ගසන ගැහැනියකගේ හඬ නිවස දෙසින් ඇසුණු බොහෝ පිරිසක් ගමේ සිටි නිසාය. අප පෙර කී සොපිනෝනාගේ සැමියාගේ වැඩිමහල් සොහොයුරාගේ දරුවා විවාහ වූයේ ඇය මියගොස් වසර තිහකට පමණ පසුවය. ඔහු සේවය කළේ ප‍්‍රසිද්ධ සමාගමක නීති උපදේශකයකු ලෙසින් වූ අතර ඔහුගේ බිරිඳද එම ආයතනයේම උසස් තනතුරක් දරන්නියකි. විවාහ වී වසර කිහිපයකට පසු ඇය ගැබ් ගත්තාය. මාස හයකට පමණ පසු එක් දිනක් ඇය රැුකියාවට නොගොස් නිවසේ නතර වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාය.
අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඇඳේ හාන්සි වී සිටියාය. නොදැනීම ඇය නින්දට වැටුණු අතර ඇය සිහිනයක් දුටුවාය. ඒ සිහිනය සැබෑ සිදුවීම් මාලාවක් මෙන්ය. ඇයගේ සැමියා හදිසියේ නිවසට පැමිණෙයි. ඔවුන්ගේ ගේට්ටුව අසල සිටි සුදු හැඳගත් ගැහැනියක් එක්වරම ඔහුට පොල්ලකින් පහර දෙන්නට පටන් ගනියි. පොලූ පහර වැදී ඔහු බිම ඇද වැටුණු පසුද ඇය නොනවත්වාම පහර දෙන්නට වූවාය. ඉන්පසු වියරුවෙන් මෙන් ඇය සිනාසුණාය. සැමියා ලේ විලක් මැද වැටී සිටින අයුරු ඇය දුටුවාය.
ඒ සැණින් අවදි වූ ඇය වේගයෙන් ඇඳෙන් බිමට පැන නිවසේ දොරද වේගයෙන් හැර ගේට්ටුව දෙසට දිවගියාය. ඒ සිය සැමියා සොයන්නටය. ඇයගේ කකුල පැටලී ගේට්ටුව දක්වා ඇති ගල් ඇල්ලූ මාර්ගයේ ඇය ඇදගෙන වැටුණි. ඇයට මතක එපමණය. සිහිය එනවිට ඇය සිටියේ රෝහලේය. ඇයගේ පළමු දරුවා කුස තුළදීම මිය ගොස් තිබුණි. එම සිදුවීමෙන් වසර අටක් ගෙවී ගියද තවම ඔවුනට දරුවකු නැත. සොපිනෝනා සැමියාගෙන්, ඇය විඳි දුක් කන්දරාව ඔහුගේ පරපුරටම දී පරපුරද විනාශකර දැමුවේ එලෙසිනි.
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
නර්ථකයාගේ හෝරාව
මේ සිදුවීම වෙද්දි රාත්‍රී 10ට කිට්ටු කරල ඇති..මම හිටියේ අක්කලාගෙ ගෙදර.අපේ ගෙදර ඉදල ටිකක් දුරින් තියෙන්නෙ.ටිකක් වැහි පොද ගහනව.ගමේ කොහි හරි ගෙදරක තොයිලයක් තියෙනව,මොකද බෙර සද්දෙ ඇහෙනව.වෙනද වගේම අක්කලාගෙ ගෙදරින්
පිටත් උනේ ගෙදර යන්න.
"මල්ලි ගෙදර යන්නෙ තනියම නේද?? අයියට කියන්නද ගිහින් ඇරලවන්න කියල",,එහෙම කිව්වෙ අක්ක.
"මොන පිස්සුද,ලැජ්ජ නැති වැඩ කරන්න එපා,මම වෙනදට යන්නෙ..මම යන්නම් " කියල අක්කට කියල ගෙදරින් පිටත් උනා..
මටත් තේරුන වෙනදට වඩා ගොඩක් අද රෑ වෙලා කියල.කලුවර උනාට ටිකක් එලියයි හද එලිය නිසා.කමක් නෑ දැන් ඔන්න ඔහේ යනව..යන්න තියෙන පාර ගැන කිව්වොත් ඉස්සෙලම වෙල පහු කරන්න ඕන..පාර තියෙන්නෙ හරියටම වෙල මැද්දෙන් ටික දුරක්.ඊට පස්සෙ දෙවැටක් දිගේ තමා යන්න තියෙන්නෙ..මහ පාර තියෙනව.ඒකෙන් යනවට වඩා මේ පාර ලගයි. දෙවැට දිගේනම් ලයිට් මුකුත් නෑ.ටෝච් එකත් ගහගෙන තමා යන්නෙ දැන්.ඒකත් හරියට පේන්නෙ නෑ..ඒ දවස් වල ෆෝන් එකක් තිබ්බේ නෑ මට..සතෙක් ආවත් ඌගෙ මූනටම ටෝච් එක ගහන්න ඕන.එතකොට තමා පුලුවන් සතා අදුරගන්න..ඒ තරමට ටෝච් එක ගොඩක් දුර වැදුන.
මොකද කරන්නේ?? දෙවැට දිගේ යනවද?? පාරෙන්ම යනවද?!
දැන් ප්‍රශ්ණ ගොඩයි?? මම දැන් ඉන්නෙත් තුන්මං හන්දියක..දෙවැට දිහා බැලුවම ඒක අදුරු ගුහාවක් වගේ පේන්නෙ,පාර කොනක් පේන්නෙත් නෑ.හැරි හැරි යන්නත් තියෙන්නෙ.ලයිට් මුකුත් නෑනෙ පාරෙ.මම කෙලින් ගියොත් පාරට වැටෙනව,හැබැයි ගෙදරට දුරයි..හැරුනොත් යන්න වෙන්නෙ දෙවැට දිගේ..දෙවැට දිගේ ගියොත් ගෙදරට ලගයි....ඕන එකක් කියල මම හැරුන දෙවැට පැත්තට ඒ පැත්ත වැඩිය බලන්නෙ නැතුව.බෙර සද්දෙ ඇහෙද්දි මට දැනුනෙ නිකන් මහ මූසල ගතියක්,ඇයි පාරත් කලුවරයිනේ...එවෙලෙ මම ගත්ත මෝඩම තීරණේ ඒක ... මොකද මට එවෙලෙ හිතුනේ නෑ හැමදාම යන පාරෙ තවත් කවුරුම හරි මාව බලාපොරොත්තුවෙන් ඇති කියල..
හරි දැන් හිත බය කරගන්නෙ නැතුව යමු කියල මම හිතාගෙන ඉස්සරහට එනව.වැහි පොද ටිකක් වැඩි කරල තිබ්බෙ එවෙලෙ..ඔය පාරෙ එක පැත්තක තනිකරම වෙල තියෙන්නෙ ටිකක් දුර යනකල්.අනිත් පැත්තෙ ටිකක් කැලෑව වගේ.ටිකක් දුර යනකල් විතරයි තියෙන්නෙ ගෙවල් එහෙමත්.මේ දෙවැට දිගේ ටිකක් දුර යනකල් තියෙනව පුළුන් ගස් වගයක්.
දැන් ඔය ඔක්කොම මැද්දෙන් මම එනව වගේම ඔය ඔක්කොම මැද්දෙ ඉදල කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නව කියල නිකමටවත් මට හිතුනෙ නෑ..
හැමදාම යන පාරනේ බය වෙන්න දෙයක් නෑ කියල අරහෙ මෙහෙ බලන්නෙ නැතුව මම එනව..ටිකක් සීතලත් එක්ක..එක පාරටම ආපු හුලගට සීතල තවත් වැඩි උනා..
සීතලත් ඉවසගෙන මම ඉස්සරහට යනව.දැන් මම කල්පනා කරන්නෙ ඇයි මම මෙච්චර රෑ වෙනකල් අක්කලාගේ ගෙදර හිටියෙ,අපරාදේ මට වෙලාසන එහෙන් එන්න තිබ්බෙ,ඔහොම කල්පනා කරගෙන එද්දි කල්පනා කරපු හැමදේම එක මොහොතටකට නතර උනේ බල්ලෙක්ගේ උඩු බුරන සද්දෙ නිසා,ඒක හෙන මූසල විදියට දුරට වෙන්න ඇහුනෙ බෙර සද්දෙත් එක්ක.ඊට පස්සෙ බල්ලො රංචුවක්ම එක දිගට කාව හරි මරන් කන්න හදන විදියට බුරනව.ඒ සද්දෙ ඇහෙන්නෙ මගේ පිටිපස්සෙන් නෙවේ ඉස්සරහින්.මම දැන් යන්නෙ ඒ පැත්තට.බල්ලො ටික බුරපු විදියට කවුරු හරි එක්කො මේ පැත්තට එන්න ඕන,මේ මහ රෑ මූසල දේවල් හිතට එන්න ගත්තෙ අර උඩු බුරපු සද්දෙ ඇහිච්ච වෙලේ ඉදල.
ඔහොම ඉස්සරහට යද්දි ආවේ ලොකු හුලගක්,ගස් උනත් ටිකක් කලින්ට වඩා වේගෙන් පැද්දුනා.බෙර ගහන විදියත් කලින්ට වඩා ටිකක් වේගවත්.එක පාරටම හුලගත් එක්කම කවුරු හරි කෙනෙක් මගෙ දකුණු උරහිසේ වැදුන.ඒක මට හොදටම තේරුණා.මම නතර වෙලා බැලුව පිටිපස්ස හැරිලත්.මුකුත් නෑ.ගහක අත්තක් වදින්න විදියකුත් නෑ.මම ටිකක් බය උනා.හුලගත් නතර උනා.දැන් ඇහෙන්නෙ රැහියන්ගේ සද්දෙයි,බෙර සද්දෙයි විතරයි,මුලු පරිසරේම මහ මූසල බවක් වගේ විතරයි මට දැනුනෙ.බල්ලොන්ගෙ බුරන සද්දෙත් නතර උනා.මම ගොඩක් බය උනා ඒ වෙච්ච දෙයින්.තාමත් හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා.පාරේ ඉස්සරහ බැලුවම මට පිටිපස්ස නොබලම දුවන්න හිතෙනව.හැබැයි ඒක ඊටත් වඩා බයයි.ආයේ හැරෙන්නත් බෑ.හිත හයිය කරගෙන මම හිතා ගත්ත කෙලින්ම යනව කියල.ඉස්සරහට අඩි දෙක තුනයි තිබ්බෙ,එක බල්ලෙක් ආයෙත් උඩු බුරන්න ගත්ත.මගේ හිතේ හයිය නැති උනා.දැන්නම් ගොඩක් බය වෙලා ඉන්නෙ.
මම දැන් කකුල ඉක්මන් කරල ඉස්සරහට එනව.ඉස්සරහට එද්දි එළවළු කොටුවක් තියෙනව.ටිකක් විතර කැලේ වැදිල.ඕක දවල්ටත් හෙනම පාළුයි.ඒකට පිටිපස්සෙන් තියෙන්නෙ වෙල්යාය.පොල් ගස් දෙකක් තියෙනව ඉස්සරහට වෙන්න.පොඩි ලිදක් වගේ එකක් තියෙනව ඉස්සරහ.එතනට ආව විතරයි ආයෙත් හුලගක් හමද්දිම බල්ලොන්ගෙ උඩු බුරන සද්දෙත් වැඩි උනා,මම දුවන්න හදද්දිම මගේ කකුල් පන නැති උනා මම දැක්ක දෙයින්.එළවළු කොටුව මැද්දෙ එකෙක් ඉන්නව කලුම කලුවට,උගෙ ඇස් දිලිසෙනවා රතු පාටට.ඌ මන් ඉන්න දිහාවට උගෙ ඔලුව හොල්ල හොල්ල එනව බෙරේ තාලෙට,මට මර බය දැනුන.බෙර සද්දෙ ඇහෙනව පැත්තෙකින්,දුවන්න බෑ කකුල් හිර වෙලා,කෑ ගහන්නත් බෑ ගොලු වෙලා.මට හෙල්ලෙන්න බෑ,හදවත ගැහෙනව විතරයි මට දැනෙන්නෙ.දාඩිය දානව හොදටම.ඌ එන්න එන්නම කොටුව මැද්දෙ ඉදන් මන් ඉන්න පාර පැත්තට එනව.
මරන බයට මම කකුල් වලට වාරුව අරගෙන පුලුවන් තරම් හයියෙන් දිව්වා.දුවන ගමන් මට පිටි පස්සෙන් ඇහෙනව ගෙජ්ජි සද්දයක්.මම දිව්වට ඒක ලග ලගම ඇහෙන්න ගත්ත.මට බෙර සද්දෙ ඇහෙනව,සිහි විකල් වෙලා වගේ දැන්.එක පාරටම ඉස්සරහින් අර බුරපු බල්ලො බුරන සද්දෙ ඇහෙනව ලගම.කෑගැහුවට එක ගෙයක්වත් නෑ අහල පහල.මම ගිහින් නතර උනේ අර බුරන බල්ලො ටික ඉන්න හරියෙ.උන් මන් ඉන්න පැත්ත බලාගෙන මරන් කන්න වගේ බුරනව.ඒත් උන් බුරන්නෙ මගේ දිහා බලන් නෙවේ,මගෙ පිටිපස්සෙ තියෙන දේකට බුරන්නේ.එක පාරටම බෙර සද්දෙ නතර උනා.බල්ලො බුරන එකත් නතර කලා.රැලේ හිටපු එකම එක කලු බල්ලෙක් අන්තිමට උඩු බිරුව.ගෙජ්ජි සද්දෙ නතර උනා බෙර සද්දෙ නතර වෙද්දිම.පරිසරේ වෙනසක් තේරුනා එවෙලෙ මට.මට තාම හිතාගන්න බෑ මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් මම තාම සිහියෙන් ඉන්නව කියල.
බය ටිකක් හරි නැති උනේ අර පාරෙ හිටපු බලු රංචුව නිසා.තවත් පස්ස බැලුවෙ නෑ.එ පිම්ම මම ගෙදර දුවගෙන ආව.කොහොම ගෙදරට ආවද කියන්න දෙයියො තමා දන්නේ.මම ගෙදර ඇවිත් නිකන් උණ විකාරෙන් වගේ කියවල තියෙන්නෙ.උදේ වෙද්දි තමා හරියාකාර සිහියක් තිබ්බෙ,ඒත් දකුණු උරහිසේ පොඩි වේදනාවක් තිබ්බ.
එදා දවල් වරුවෙ ගෙදර අය එක්ක එකතු වෙලා අර බල්ලොන්ට දවල්ට කන්න කෑම දැම්ම.මිනෙහෙක් නැති එවෙලෙ අසරන වෙච්ච මට තිබ්බ බය නැති උනේ ඒ සත්තු ටික නිසා.
මම එදා දැනගත්ත කෙනෙක් ගොඩක් බය උනාම එක්කො එතනින් ඒ මනුස්සය දුර්වල වෙනවා,නැත්නම් ඒ මනුස්සය එතනින් තව ශක්තිමත් වෙනව කියල....ඒ කාලකන්නි මූසල සිදුවීම මතක් වෙද්දිත් එතන වෙනත් බලවේගයක් මාව ආරක්ශා කලාද කියලත් වෙලාවකට හිතෙනව.මොකද හොල්මන් කියන දේ ගැන මම කලින් ඉදන්ම දන්නව,අහල තියෙනව,ඒ අහන හැමවෙලාවකම මට දැනුනෙ පුදුමාකාර බයක්.නොපෙනෙන බලවේගයක් කියන දේ නැහැයි කියන්න බෑ කියන මතේ මම ඉන්නව දැන්.මොකද මූන දුන්න දේකට.
මේක තමා කතාව,ගොඩක් කල්පනා කරල ලිව්වේ.මතක හැම සිදුවීමක්ම සදහන් කරල තියෙන්නෙ.හොල්මන් කතා කියවන්න කැමති අය වෙනුවෙන්.
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
අනූ මිස්ගේ සැරිසරණ ආත්මය
මේ කතාව මං Primary එකේ teach කරන කොට මගෙ පන්තියට මට සහයට හිටපු හිතවත් ඉතාම රූමත් ගුරුතුමියක් ගැනයි. අැය නමින් අනූ...
අනූ දුටු දුටුවන් වශී කරන්නට තරම් ඉතාම ඉහළ රූප සොභාවක් තිබ්බ කෙනෙක්. එයා කාලයක් කෑගල්ලෙ විදුහලක උගන්වලා තියනවා. එ් ඉස්කෝලෙ ගුරු දෙගුරු රැස්වීමකට අාපු කෙනෙක් මෙයාගෙ රූපයට වශීවෙලා එයාගෙ අැමරිකාවෙ ඉන්න මල්ලීව අනූට යෝජනා කරලා තිබ්බා. එයාට අපි කවිඳු කියලා කියමු. කවිඳු සහ අනූ ඉතාමත් අාදරයෙන් හිටපු දෙන්නෙක්. මේ කතාව කියන සිද්ධිය වූ වසරේ සැප්තැම්බර් වල එයාලාගෙ විවාහය පවත්වන්නටයි යෙදිලා තිබුනෙ.
අනූ එයාට තිබ්බ අපල නිසා දළදා මාලිගාවට කිරිපිඬු පූජා කරමින් ඉඳලා තියනවා කෑගල්ලෙ උගන්වන තාක් කල්. එ්ත් අපෙ ගම් පළාතට අාවට පස්සෙ එයාට එ්ක කරන්ඩ හම්බුනෙ නැහැ. දවසක් අනූ බෝපත් අැල්ලෙ නාන්ඩ ගිය දවසක දෙපාරක්ම සුළිවලට අහුවෙලා බොහොම අමාරුවෙන් තමයි බේරිලා තියෙන්නෙ.
ඉතින් ඔන්න දවසක් අපට ඉස්කෝලෙ ඉද්දි අාරංචි උනා අනූ sick room එකේ බිම පෙරලි පෙරලි කෑ ගහලා බඩ බදාගෙන අඬනවා කියලා. අපි බලන්ඩ යද්දි එයාව ගෙදරින් එක්ක ගිහිල්ලා. ඊට පස්සෙ දවසෙ එයා අැවිත් අපට කිව්වා එ්ක සාමාන්යෙන් කාන්තාවකට හැදෙන බඩ කැක්කුමක් කියලා. එ්ත් එදා පටන් මං අාය අනූව දැක්කෙ නැහැ.
එයාට පාචනය වගේ තත්වයක් තියනවා කියලා එයා මාස 03ක් විතර private hospital එකක ඉඳලා තියෙනවා. හැම පර්යේෂණයම කරලා අන්තිමට බඩේ පටක අරන් පරීක්ෂා කරන්න කොළඹ යවලා තියෙනවා. එතකොට තමයි දැනගෙන තියෙන්නෙ lymphoma කියන පිළිකාව 60% ටත් වඩා පැතිරිලා කියලා.
එයාගෙ අම්මටයි තාත්තටයි බොහෝ කල් ළමයි නැතුව හිටියට පස්සෙයි අනූ හම්බෙලා තියෙන්නෙ. එ්ත් කේන්දරයෙ කියලා තියනවා එයාට පන්නන්ඩ බැරි මාරකයක් තියනවා කියලා. එ්කයි එයා දළදා මාලිලාවට කිරිපිඬු පූජා කරලා තියෙන්නෙත් අපලෙ දුරු වෙන්ඩ කියලා. එයා බිත්තරයක් වත් කෑවෙ නැහැ සත්ව කෑමක් නිසා.
එයා මට පන්තියෙදි නිතර කිව්වා එයාට සුව කරන්ඩ බැරි කැස්සක් තියනවා කියලත්. ඉතින් මාස කිහිපයක් එයා පේරාදෙණියෙ රෝහලේ ප්රතිකාර ගත්තා දවසක් මං එයයි මගෙ පන්තියෙදි ගෙවපු සුන්දර කාලය මතක් කර එයාට sms එකක්ද යැවුවා.
කාලය ඔහොම්ම ගෙවීගන ගියා. දවසක් මං උදේ බස් එකට නගිද්දි මගෙ යාළුවො set එක මූණවල් බෙරිකරන් ඉන්නවා. මං අැයි කියලා අැහුවම කිව්වා අනූ ඊයේ නැති හවස නැතිවෙලා කියලා. මට එවෙලෙ තව පොඩ්ඩෙන් කෑ ගැහෙනවා. මං හිතුවෙම එයාට සනීප වෙයි කියලා. එයා ජීවිතෙ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් හිටිය තරුණ කෙනෙක් නිසා යම් යම් අසාමාන්ය සිද්ධි එයාගෙ මරණින් පසු සිදු උනා.
නැතිවෙන දවසෙ හවස එයාට එකපාරට හුස්මගන්ඩ බැරි වෙලා තියනවා.
එයාගෙ පෙනහළු cancer එක නිසා වතුරෙන් පිරෙමින්ලු තිබ්බෙ. වතුර අයින් කරමින්ලු ඉන්ඩ ඔිනෙ. එ්කෙන් තමයි එයා නැති වෙන්ඩත් අැත්තෙ. ඉතින් එයා හුස්ම ගන්ඩ බැහැ කියලා කෑ ගහලා තියනවා. එයා ළඟට nurse කෙනෙක් එනවාලු. එයා මෙයාව හොස්පිටල් ගෙනියන්ඩ ලෑස්ති කරද්දිම අනූ නැතිවෙලා. එයා නැතිවෙන වෙලෙ එයාව මැරි කරන්ඩ හිටපු කවිඳු අැමරිකාවෙලු හිටියෙ. එයා හාන්සි වෙලා ඉන්නකොට එකපාරට එයාට අැහුනලු අනූ කතාකරනවා.
"කවිඳු මං යනවා ඔයා පරිස්සමෙන් ඉන්ඩ" කියලලු කිව්වෙ. කවිඳු බැලුවලු ෆෝන් එකෙන්වත්ද එහෙම කතා කරනවා අැහුනෙ කියලා. බැලින්නම් ෆෝන් එකත් offලු. එයා එවෙලෙම අනූ ලගෙ ගෙදරට කෝල් කරාලු මොකක් හරි කරදරයක්ද දන්නෙ නැහැ කියලා හිතුන නිසා. එ්ත් එවෙලෙ අනූ අම්මා කෑගහලා අඬමින්ම කිව්වලු "පුතේ අනූ මේ ටිකකට ඉස්සර අපිව දාලා ගියා" කියලා.
ඔන්න ඉස්කෝලෙ අපි හවස ගියා මළ ගෙදර. අපි සේරටම පිස්සු වගේ එයා අපේ හොඳම යාළුවෙක් හින්දා.
එයාගෙ තාත්තා කිව්වා... එයාව හොඳටම සනීප වෙලා හොස්පිටල් එකෙන් ගෙදර අාවට පස්සෙ පැපොල හැදිලලු මැරුනේ කියලා. එ්ත් හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක් කිව්වා අවසානයේ මොකුත්ම දෙයක් කරන්ඩ ඉතුරුවෙලා නැති පාර ගෙදර එව්වා කියලා. තව ටිකක්කල් හිටියා නම් හම සම්පූර්ණයෙන්පැළිලා සැරව එනවලු. දුක් විඳින්ඩ කලින් ගිය එක හොඳයි කියලා ඩොක්ටර් කිව්වා. ඉතින් අනූත් හිතලා එයාට සනීපයි කියලා වෙඩින් කාඩ් එහෙම ලියන්ඩත් ලෑස්ති වෙලා. තව ගෙදර තනියෙන් කාමරයට වෙලා ළමයි හිතින් මවාගෙන උගන්නනවලු එයා.
මම ගිය වෙලේ ඉඳන් අනූ ළඟින් හෙලවුනේ නැහැ. මට හිතුනෙ එතනම ඉන්ඩ. එයාගේ අැඟ අැතුළට පනින්ඩ වගෙ ළඟින්මයි හිටියෙ මං. එ් අැයි කියලා මටත් හිතාගන්ඩ බැහැ. යාළුවො එතනින් යමු කියද්දි මට හිතෙනවා යන්ඩ එපා යන්ඩ එපා ළඟින්ම ඉන්ඩ කියලා. කොහොමහරි අපි ගෙවල් වලට අාවා. එළිවෙනකම් අනූගෙ මිනියමයි මට මතක් වෙන්නෙ. එකක් අැර එකක් සිටියට එනවා. කොණ්ඩෙ, මූණ යනාදි වශයෙන්. එයාගෙ හිනාව අැහෙනවා අැහෙනවා වගේ මට.
මට ඉවසන්ඩ බැරිම තැන මං අම්මට මේ විස්තර කිව්වා. මළ ගෙවල් වල ඔයා ගිහාම ඔයා ගොඩක් බය වෙනවා. මිනිය ළඟට යන්නෙ නැතුව ඉන්ඩ තිබ්බෙ කියලත් මට බැන්නා. පස්සෙ අම්මා මට අාගම කියලා වතුර දීලා මාත් එක්ක කාමරෙ නිදාගත්තා. අපෙ ඉස්කෝලෙ බහුතරයක් ටීචර්ස්ලත් මං වගේම එළි වෙනකම් නිදාගන්න බැරුව ඉඳලා තියනවා. අනූගෙ අවසන් කටයුතු තියෙන දවසෙ එයා යාළුවෙකුට හීනෙන් අැවිත් කියලා "මං අද යනවා" කියලා.
ඉතින් අනූ අම්මලට දරුවො නැතුව ඉඳලා ඉඳලා හම්බෙච්ච දුවත් පන්නන්ඩ බැරි මාරක අපලයකින් යන්ඩ ගියා. මට අපෙ ඉස්කෝලෙ ළමයෙක් කිව්වා එ් අනූ මිස් තවම ගිහින් නැහැ එයාලාගෙ ගෙදර අවටම ඉන්නවා කියලා එ් ළමයට අාරංචියි කියලා.
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
මහ ගෙදර වලව්වේදී දුටු අත්තම්මා
අපෙ අම්මගෙ මහ ගෙදර වලව් විදිහට හදපු ටිකක් ගුප්ත ගෙදරක්....අපි එහෙ අවුරුද්දකට 5වතාවක් විතරයි යන්නෙ.මොකද එහෙ කිරි අම්ම කිරි අත්ත කවුරුත් ම නෑ ඉන්නෙ ඉස්සර ඉදන් වැඩ කරපු ගෑනු කෙනා...එයා ඒ ගෙදරයි...අක්කර ගානක පොල් වත්තයි බලාගෙන ඉන්නව....පෙරේදා හදිස්සියකින් අනුරාධපුර යන ගමන් මන් ගමට ගියා....නිකමට හිතිලා...මහ ගෙදරට යනකන් ඒ ගමේ මිනිස්සු හම්බෙන හම්බෙන කෙනා මන් දිහා කන්න වාගෙ බලන් ඉන්නව මට පුදුමයි....බය වෙලා වාගෙ..ඒත් වචනයක්වත් කතා කරන්නෙ නැහැ ඇයි මන්දා....
හව්ස5ට විතර ගොම්මන් වැටෙන වෙලේ මන් මහ ගේ මායිමට ගොඩ උනා...මුස්පේන්තු ගතිය...අවුරුදු10කින් විතර මනුස්ස වාසයක් නැති තැනක් වාගෙ...බයක් නෑ...පුන්චි දවස් වල ඉදන් ආව ගිය තැන හන්දා...ඒත් අනේ හිතට මහ අමුතු ගැස්මක්....මට මතකයි දවසක් අම්ම එක්ක මෙහෙ ඇවිත් කිරි අම්ම ජීවත් වෙලා හිටිය දවස් වල ඔන්චිල්ලාවක් බැදලා දුන්නා ලොකු අඹ අත්තක...ඒක වේගෙන් පදිද්දි කකුලෙ දාන් හිටිය සෙරෙප්පුව වීසි වෙල ලවල්ල ගොල්ලට වැටුනා..ඒක ගන්න යද්දි මර ලතෝනි දීල ගෑනියක්...කැලේට දුවන් යනවා ...
එදා හිතට දැනුනු මුස්පේන්තු බය ආයෙත් දැනුනෙ අයෙ මේ ආව දවසෙ...ඉතින් මම දීනෙ නැන්දා කියල කතා කලා මහ ගේ බලාගන්න ගෑනු කෙනාට...මෙයා සද්දයක් නෑ ...දොර ඇරලා බාගෙට...මන් ගේ ඇතුලට ගියා...ආයෙමත් කතා කලා.ම්ම්හ්ම්...සද්දයක් නෑ ...මහන්සි මට හාන්සි උනා වේවැල් පුටුවෙ....ඇස් පිය උනා විතරයි ..දෝනි මැනිකෙහ්.....
දෙය්යනේ උඩ ගියා මන් මේ දීනෙ නැන්දා ඇවිත්...කොහෙද මේ හවස ගියෙ නැන්දෙහ්?
අනේ මැනිකේ ගේ හරියෙ දර කෑල්ලක් නෑ ..වත්තට ගියා දර කෑල්ලක් ගේන්න....
අහ් එහෙමද මන් අනුරාධපුර ගිය වැඩවගයකට...ගෙදර යමින් ගමන් ආවෙ හුග කාලෙකින්.....
අනේ හොදයි මැනිකේ මන් මාස ගානක් සාන්කාවෙ...
ගෑනු කෙනාගෙ ඒ වචන හිතට මහා දෙගිඩියාවක් ඇතිකලා...මන් ඇග පත හෝදගන්න ලිදට ගියා..මෙහෙ ටැප් නෑ ...තවම ග්‍රාමීයය් ගොඩාක්...ලිදට පොඩි එකෙක් වතුර බලන්න ආසවෙන් එබෙනවා වාගෙ එබුනා...වතර නිල් කැටේට....ආස හිතුනා...හොදට ඇග හොදන් ගෙට ඇවිත් ඉදගෙන හිටියා....
හොද සුවදක් එනවා....රහට උයනව ඇති නැන්ද ම්ම්ම් ..ඉතින් මන් ඩේට ඔන් කලා එෆ් බී එන්න අෆොයි සිග්නල් නෑ ..කේන්ති මට....ටිකක් වෙලා ඉදලා රෑට කන්න කෑම මේසෙට ගියා...බත් කැකුලමට හදල,අල කිරට හදල,කරවල තෙල් දාල,මැල්ලුම්,පපඩම් ම්හ් පට්ට රහ..කාගෙන ගියා යකෙක් වාගෙ ..ඒත් බඩ පිරෙන්නෙ නෑ ...ඒත් මන් කන එක නැවැත්තුවා...නිදාගන්න උඩ තට්ටුවෙ කාමරේට ගියා..
ඉස්සර මගෙ අම්ම නිදාගත්ත කාමරේ..ඒ ඇද...අනේ මන්ද මට අම්මගෙ සුවද ඒ කාමරේ පුරා....11ට ඇති වෙලාව මට නින්ද ගියෙ නෑ හුග දවසකින් අලුත් පරිසරයකට ආව නිසාද කොහෙද..දෙය්යනේ පඩිපෙලේ සද්දයක් ඇහෙනව කතා කරනව සුදු දෝනා කියල .අනේ එහෙම කතා කරන්නෙ මගෙ කිරි අම්ම විතරයි මට...මට ඇදෙන් නැගිට්ටවිලා ඒ පැත්තට යැවුනා...කිරි අම්ම පඩිපෙලේ හිටිගෙන.ඉස්සර ගාම්භීර පෙනුපෙන්....
මගෙ දෝනා ඇයි පුතේ උබ මෙහෙ ආවෙ මගෙ මැනිකෙ...හෙට පාන්දරින් මෙහෙන් පලයන් මයෙ අම්මා කිය්ල නොපෙනී ගියා...මගෙ ඇගම හිරි වැටුනා...එලි වෙනකම් නින්දත් නෑ 4ඉදන් ලෑස්ති උනු මන් පටස් ගාට5ට කලින් නැන්දටත් නොකිය එලියට බැස්ස පාන්දර බස් එකට නැගල 8වෙද්දි ගෙදරින් බැහැල හුස්මට වතුර එකක් බීව.අම්ම බයෙ මොකද අහද්දි විස්තරේ කීව...
මගෙ කම්මුලට හොද පාරක් වැදුනා....අම්ම එහෙමම බිම ඉදගත්ත....තාත්තා ඉක්මනට ගමේ වෙද මහත්තය ගෙන්නුවා...වචනයක්වත් අහන්න කියන්න දුන්නෙ නෑ මට..මොනාද බොන්න දුන්න ඒ මනුස්සය..මාත් බීව..බීව ගමන් වම්නෙ ගියා ගුරු පාටට....මට තෙහෙට්ටු යි බඩගිනි...කිරි හොදි යි බතුයි අම්ම දුන්නෙ මට බඩගිනිනිසා කෑව..
අද හවස අපෙ අම්ම මට කතා කලා ...මට දෙයක් කීවා මට ඒක දැන් ඇහෙද්දි පපුව හිර වෙනව බයට....දෝනි මහ ගෙදර බලාගන්ත ගෑනු මනුස්සය නැති වෙලා හරියටම මාස2යිලු,,ලිදේ ඉදන් ගොඩ අරන් තිබිල තියෙන්නෙ..
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
Subscribe to:
Posts (Atom)