Thursday, December 14, 2017
ආච්චිගේ මිරිස්ගලේ රෙදි සොදපු තරුණයා
තම කර්මය පිළිබදව දැනගැනීමට මිගමුවට ආසන්න ප‍්‍රදේශයක සිට ආශ‍්‍රමයට තරුණයෙකු පැමිණ සිටියා . මම ඔහුට ඔහුගේ විදවීම එකින් එක විග‍්‍රහ කරමින් සිටින විට මම දැක්කා විඔගේ විවාහයට මලගිය ආත්මයක ප‍්‍රබල බාදාවක් බවතින බව.
මම ඔහුට පැවසුවා ඔබේ ප‍්‍රධානම ගැටලූව ඔබේ විවාහය ප‍්‍රමාද වීම
කියලා.
” ඔව් මහත්තයෝ මම කේන්දරය බලන්න තිරණය කලෙත් ඇයි විවාහයක් නොවෙන්නේ කියලා තේරුම් ගන්න බැරි නිසයි. ”
” ඔබේ ගෙදර හිටියද රෙද්ද හැට්ටේ අදින ආච්චිකෙනෙක් .එයා හොදට කටට සැරට කෑම හදන කෙනෙක්. හොදට තුනපහ අඹරලා තමයි කෑම හදන්නේ ”
” ඔව් මහත්තයෝ ඒ අපේ තාත්තගේ අම්මා. ”
” ගේ පිටිපස්සේ දොර ලග ලස්සනට පිලිවෙලට තියල තිබ්බ ආච්චිගේ මිරිස්ගල දැන් කෝ. ආච්චි තරහින් ඉන්නේ ඔබත් එක්ක . ඔබේ විවාහයට බාදා ඇති කරන්නේ ඒ ආච්චි”
” ආච්චි නැති වුනාට පස්සේ ඒ මිරිස් ගල පාවිච්චි කලේ නෑ .ගෙදර අය ගලේ මිරිස් ඇඹරුවේ නෑ. ඒ නිසා මම එක රෙදි හෝදන්න ලිද ලගින් තියා ගත්තා. මම ඩෙනිම් කලිසන් හෝදන්නේ එකේ ”
” ආච්චි ජිවිත කාලේ වැඩියෙන්ම ආස කළ දේ තමයි ඔය මිරිස් ගල . එක රෙදි හොදන්න දාපු එකට එයා ඉන්නේ තරහින්. ඒක හොදට හෝදලා තිබ්බ තැනින් තියන්න. තියලා එයාගෙන් සමාව ගන්න. එයාගේ ආත්මය ඔබව පිඩාවෙන් මුදවාවි ’’
ඔහු පසුදාම මිරිස් ගල පිරිසිදුකර තිබිබ ලෙසින්ම තැබුවේය.
පසු සටහන
ලගදි දිනක ආශ‍්‍රමයේ දුරකථනය නාදවිය.
’’ ආ මිස් මම අර ආච්චිගේ මිරිස් ගලේ රෙදි හෝදපු කෙනා ’’ ඔහු තමාව හදුන්වා දුන්නේ එලෙසය.
’’ මම කසාද බැන්දා එක මහත්තයට කියන්නයි කථා කලේ ’’
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment