Sunday, January 21, 2018
ජින්ජබියර් සෙවු භූත පිසාච ආත්මය
එයාට තිබ්බ ගැටලුව කොතරම් මුදල් ලැබුණත් තමන්ට කියලා නිවසක් ගොඩ නගා ගන්න බැරිකම.
කොහොම හරි එයාගේ පෙර කර්මයන් ගැන බලලා අවසන් වෙද්දී මම දැක්කා ස්ත‍්‍රී මලගිය ආත්මයක් එයා වටා ගැවසේන බව....
”ඔබට බලපෑම් කරණ යම් වෛරයෙන් පසුවන මලගිය ආත්මයක්
තියෙනවා. එයා බොහොම තරහින් ඉන්නේ ඔබ සමග....”
මහත්තයෝ ඒ ඇයි.....
”මෙයා මැරිලා තියෙන්නේ අවුරුද් 12 විතර කලින්”
මම හැඩරුව ඇදන් ඉන්න ඇදුම් ක්ව්වම ඔහු අදුන ගත්තා මේ ඉන්නේ ඔහුගේ මව කියලා...
”කපට් කරපු පාරක් තියෙනවා ඒ පාරේ ලොකු වංගුවක් තියෙනවාග එතන වම් පැත්තේ ලොකු ගල්තලාවක් තියෙනවා. මේහෙම තැනක් මතකද ”
”ඔව්. ඔය අපේ මහ ගෙවල් වලට යන පාර”
”අම්මා ඉන්නේ ඔය ගල් තලාවේ...... ඒක උඩ ලිදක් තියෙනවා අන්න එතනයි ඉන්නේ ”
”මහත්තයෝ එහෙම ලිදක් එතන නෑනේ”
”නෑ.... මට ලිදක් පේනවා. ඔබ ගමේ ගියාම බලන්න”
”මහත්තයෝ අම්මට අමාරුවෙලා ගෙනියද්දි අම්මා නැතිවුනේ ඔය වංගුවෙදි තමයි......ඇයි අම්මා මා එක්ක තරහින් ඉන්නේ”
”එයා ඔබෙන් ජින්ජර් බියර් එකක් බලාපොරොත්තු වෙනවා”
”මහත්තයෝ මාර පුදුමයි අම්මා ඉන්න කොට පොඩි අමාරුවකටත් බිව්වේ ජින්ජ බියර්”
”ඔබ ගිහින් ඔය ළිද ලග ජින්ජ බියර් එක තියන්න...... අම්මාගේ ආත්මය නිදහස් වේවි ”
ඔහු ටික දිනකට පසු ආශ‍්‍රමයේ අංකයට දුරකථන ඇමතුමක් දුන්නා.....
”මහත්තයෝ මම ගල්තලාවට ආවා මම අවුරුදු 53 ගමේ ඉදලත් මේ ලිද ගැන දන්නේ නෑනේ....... මම එතන ජින්ජ බියර් එක තිබ්බා.... ”
ඔහු පසු දිනක යළි මා හමුවෙන්න පැමිණියා. ඒ ඔහු මිලදි ගන්න හදන නිවසේ සැලසුමේ සුභ අසුභ බලා ගන්න.
”මහත්තයෝ ඇත්තටම මම ......... ...... ”
ඔහු ප‍්‍රසිද්ධ නඩුකාරයෙක්
පසු සටහන
මලගිය ආත්ම ඉවත් කරන්න. තොවිල් පවිල් බෝධි පුජා අවශ්‍ය වෙන්නේ නෑ. කිසිදු වියදමක් නැතුව එය කරන්න පුලුවන්....
හැබැයි එයා තමන්ට බලපෑම් කරන්නේ ඇයි කියලා වගේම එයා ඉල්ලන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න ඔනේ
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment