Friday, March 30, 2018

මරණ මංචක අභියස මලගිය ආත්ම සැරිසරනවද....


මන් මේ කියන්න යන්නෙ මීට අවුරුදු 2 කලින් වෙච්ච දෙයක්.
අපේ අම්ම එකපාරම අසනීප උනා, පෙනහැල්ලෙ තමයි ප්‍රශ්නය උනේ. කෝම හරි හොදින් හිටිය අම්ම මාස 7 වගේ කෙටි කලකින් ඇදටම වැටුන, ගොඩක් අමාරු උනේ අවසන් සති 2 කාලෙදී. මේ මාස ගානම මන් අම්මව බලාගත්තේ තනියම, කිසිම කෙනෙක් හිටියෙ නෑ මගේ උදවුවට , ඒ අස්සෙ මාත් වයිරස් උණ හැදිල ගොඩක් අමාරු උනා, ඒත් අම්මව අරන් ගියේ හේදුවෙ ඔක්කොම වැඩ මන් කලේ තනියම, 
අවසන් සති දෙකේ තමා මේ සිද්දි සිදු උනේ. ගෙදර කිසි හැලහොල්මනක් නැති උනාට එකපාරම කවුරු හරි ඇවිදිනවා වගේ දැනෙනවා, රෑට එලියේ ඇවිදින සද්ද ඇහෙනවා. බත් ඉවුවහම ඉක්මනින් පිනුල් වෙනවා. තව කිවුවොත් දොර රෙදි නොදැනීම කවුරු හරි ඇතුල් උනා වගේ සෙලවෙනව. මිදුලේ කවුරු හරි ඇවිදිනව වගේ පේනව. කහිනව ඇහෙනව. ගිහින් බැලුවම කවුරුත් නෑ. පිරිත් දාන්න කියල මට කෙනෙක් කීව. හැබැයි පිරිත් දාපු වෙලාවට මුකුත් සද්දයක් නෑ. කෝමහරි අම්ම කන්නෙ නැතුව මට කන්න හිතුනෙ නෑ. ඉවුවට මන් කෑවෙත් නෑ. අම්ම කාවි කියල උයනව, අහක දානව. අන්තිම දවසෙ රයිස් කුකර් එකේ බත් එක ඉවුවහම ඒක ගලක් වගේ හයි උනා, මොනම විදියකින්වත් ඒක කඩාගන්න බැරි උනා. ගෙයි ශබ්ද ඇහෙන්නත් ගත්ත, එදා රෑ මන් මහන්සියට නිකන් ඉදගත්තා, මට පැය 3 විතර එහෙමම නින්ද ගියා, කවදාවත් මගේ කාමරේට එන්නෙ නැති අම්ම ඇවිත් මගෙ උරිස්සෙන් හෙල්ලුවා, මාව ඇහැරුනා, අම්ම පේන්න හිටියෙ නෑ . එවලෙ මට අමුත්තක් දැනුනා , අම්මා අසනීපයෙන් කියල මතක් උනේ එවලෙ, මන් ගිහින් බලද්දී අම්ම නැති වෙලා.අර සද්ද මුකුත් නෑ. එතකොට පැය 3 විතර ගිහින් අම්ම නැති වෙලා...

උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com

No comments:

Post a Comment