Sunday, June 17, 2018
අලිමංකඩ කදවුරේ භීතිය
මේ කතාවත් එවකට මා සේවය කල අලිමංකඩ කදවුරේම සිදුවූ දෙයක්...මෙහි මා කලින් සදහන් කල ඩෝසර් බංකරය සහ බටහිර බංකරය අතර මීටර් 200 250 අතර පරතරයක් තිබෙනවා..බටහිරින් පිහිටි බංකරය කිලාලි කලපුවට මුහුන ලා තිබෙන්නෙ..මේ දෙක අතර රාත්‍රි මුර සංචාරයේ යෙදෙන නිලදාරින්ගෙන් නිතර ආ
පැමිනිල්ල තමයි ඔවුන්ගේ විදුලි පන්දම් නිවී යාම....ඉටිපන්දම් 10000.බලයෙන් යුත් අධිබල ප්ලෑශර් පවා එම කොටසේදි නිවී යාම ...
මෙය නිසා සංචාරක නිලදාරින්ගේ ජීවිත වලට පවා තර්ජනයක් වූ නිසා දිනක් රෑ 10 පසු මා එම කොටසේ සංචාරය සදහා සූදානම් උනා..කදවුරෙ මුරය බාර අය ට දැනුම්දුන් අතර...එම බංකර 2හි එමවෙලාවට සිටින මුර බටයන් ද දැනුවත් කර මා ගමන පිටත් උනේ අධිබල චාජරය්ක් හා මාගේ පුද්ගලික විදුලි පන්දම මගේ ගිනි අවිය හා අත් බෝම්බ 4 සමග..පිලිවෙලින් අංක 1.2.3.යන බංකර පසු කර ඔවුන් හා විනාඩි 5.10.කතා කරමින් සිට අදාල කොටසට ලගා වූ මා මිටර 20 පමන ගිය පසු අධිබලැති විදුලි පන්දම හේතු රහිතව නිවී ගිය නිසා
මගේ පුද්ගලික විදුලි පන්දම දල්වා අඩිකීපයක් ගියවිට එයද නීවීගිය නිසා මා රැගෙන ආ අමතර බල්බය ටෝච් එකෙ මූන ගලවා සවිකර දල්වා මා ඩෝසර් බංකරය දෙසට එන බව සන් කරන වත් සමග එයද නිවී ගිය බැවින් කරුවලේම ඩෝසර් බ්ංකරය අසලට ගොස් එහි සිටි සෙබලා සමග කතා කර එම සීමාව පසු කරනවත් සමග අධිබල විදුලි පන්දම හා මගේ පුද්ගලික පන්දම සුපුරුදු ලෙසටම දැල්වුන අතර...ඉහත ප්‍රදේශයේ දී ඒවා නිවී යාම සබැදිව කිසිදු හේතුවක් අප කිසිවෙකුට සොයා ගැනීමට නොහැකි විය....
උපුටා ගැනීම - http://www.holmankatha.lankahotnews.com
Subscribe to:
Post Comments (Atom)
අප්පෝ ඔය කතවනම් චාටර්😝😩
ReplyDeleteවැඩක්නැ
ReplyDeleteවැඩක්නැ
ReplyDeleteකතාව අවුලක් නෑ අපේ පැත්තෙ තැනකත් එහෙම වෙනවා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete